January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

2025 මාස 11ට පාරිභෝගික භාණ්ඩ ආනයනයට ඩො.මි. 4908ක් වැයකරලා!

1 min read

මෙරටට පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරිම සදහා ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11 ක කාලය තුලදි ඇමරිකානු ඩොලර් මිලියන හාරදහස්නමසිය අටක මුදලක් (4,908) වැයකොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව පවසයි.


මෙය 2024 වර්ෂයේ මුල්මාස 11ට සාපේක්ෂව සියයට 60ක වැඩිවිමක් බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.

2024 වර්ෂයේ මෙම කාලසිමාව තුල පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 3,068.1ක මුදලක් වැයකොට තිබුණි. ඒ අනුව 2024 වර්ෂයේ මුල්මාස 11ට සාපේක්ෂව 2025 වර්ෂයේ මුල්මාස 11 තුලදි පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර්මිලියන 1,839.9 ක මුදලක් වැඩිපුර වැයවි තිබුණි.

2025 වර්ෂයේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11 ක කාලය තුලදි පාරිභෝගික භාණ්ඩ අතුරින් ආහාර සහ පාන වර්ග ආනයනය සදහා වැඩිම මුදලක් වැයවි ඇති අතර එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1924.5කි. මිට අමතරව කිරි ආශ්‍රිත නිෂ්පාදන සදහා ඩොලර් මිලියන 325.9ක්, සිනි සහ රසකැවිලි සදහා ඩොලර් මිලියන 338.5ක්, ධාන්‍ය හා අඹරුම් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන සදහා ඩොලර් මිලියන 147.8ක්, එළවළු සදහා ඩොලර් මිලියන 371.7ක්, කුළුබඩු සදහා ඩොලර් මිලියන 89.6ක මුදලක් වැයකොට ඇති බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ.

ජනප්‍රිය පුවත්  වසන්තගේ වසන්තේ!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x