January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල දිවි ගමනට සමුදෙයි

1 min read

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 91 වන වියේ පසුවුණි.

වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය.

ඇය මේ වනවිට ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ.

සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත.

1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසි ඇය ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලාබදී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x