හිටපු ජනාධිපතිවරු අනාරක්ෂිතයි!
1 min read
ශ‍්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු සතු ඇතැම් වරප‍්‍රසාද කප්පාදු කර ඔවුන් අනාරක්ෂිත තත්වයට ඇද හෙළීමට ආණ්ඩුව ගෙන තිබෙන පියවර හේතු කොටගෙන අනාගතයේදී කිසිදු ජනාධිපතිවරයකු තම රාජ්‍යය වෙනුවෙන් කිසිදු අවධානමක් ගෙන තීරණ නොගනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් ඉවත් කිරීම හා ඔහුගේ ආරක්ෂාව අඩු කිරීම හේතු කොටගෙන ජීවිත අවධානමක් විවෘත කර තිබේ. එම තත්වය කිසියම් අවස්ථාවක ඔහුගේ ජීවිතයට අනතුරක් සිදු කිරීමට ඉඩ විවෘත කර දීමක් යැයි එම විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙය, විධායක ජනාධිපති ධුරය දරනු ලබන තැනැත්තන් සිතා තීරණ නොගන්නා තත්වයට ඇද වට්ටවාලීමක් බවත්, එමගින් අවධානමට ලක්වන්නේ රාජ්‍යය බවත් දේශපාලන විශ්ලේෂකයෝ අවධාරණය කරති.
හිටපු ආරක්ෂක හමුදා ප‍්‍රධානීන් සම්බන්ධව හා හිටපු හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සම්බන්ධව ගෙන තිබෙන පීඩාකාරී ක‍්‍රියාමාර්ග මගින්ද සිදුවන්නේ, රාජ්‍යෙය් ආරක්ෂාව වෙනුවෙන් අවධානමක් ගෙන ක‍්‍රියා නොකරන තත්වයට ආරක්ෂක හමුදා ඇද හෙළිම බවද ඔවුහු පෙන්වා දෙති.
මෙය රාජ්‍යය දුබල කිරීමේ හා අනාරක්ෂිත කිරීමේ භාහිර උපායමාර්ගයකට අනුව සිදුවන ක‍්‍රියාවලියක් බව එම විශ්ලේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති