January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හැබැයි නලින්දත් හොඳ මිනිහෙක්!

1 min read

අනුර සහ නලින්ද අත්සන් කළ ගිවිසුම් වලට අනුව දැන් IP සහ Schedule M ඉන්දියානු බාල බෙහෙත් ශ්‍රී ලංකාවට එනවා.


එමෙන්ම නලින්ද ඉතාම විකෘති සහගත පාලන මිලක් පනවලා, මෙරට වෙළදපොලෙන් උසස් ප්‍රමිතියේ ඖෂධ ඉවත් කරමින් ඉන්නවා.


ඒ බාල ඉන්දියානු බෙහෙත් (තත්ත්වයෙන් උසස් ඉන්දියාවේ නිපදවන බෙහෙත් ද තිබෙනවා. නමුත් නලින්දලාට අවශ්‍ය Schedule M බාල තත්ත්වයේ ගෘහාශ්‍රිතව පවා නිපදවන බාල බෙහෙත් මෙරටට ගෙන ඒමට) වලට ඇති තරගය නැති කිරීමට.


මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සතු එකම විකල්පය ඉන්දියානු බාල බෙහෙත් පමණක් කිරීමට.
නලින්ද සාර්ථකයි. නලින්දගේ පාලන මිලට කප්පාදු වීමට සිදුවන නිසා බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ ඖෂධ ගණනාවක් සිය මෙහෙයුම් නැවතීමට යනවා.


දැන් මෙරට රජයේ රෝහල් වලටත් ඉන්දියානු ප්‍රමිතියේ IP / Schedule M බෙහෙත් එනවා.
ඒ බෙහෙත් වලින් රෝගීන් මිය යනවා.


දැනට බාල බෙහෙත් නිසා ඇති වූ බැක්ටීරියා ආසාධනයකින් රෝගීන් තුන්දෙනෙක් මිය ගිහින්. (වාර්තා වෙන මරණ පමණයි.)


මේ ගැබිණි මව්වරුන්ට, කුඩා දරුවන්ට විශේෂයෙන්ම දෙන බෙහෙතක්.


ගැබිණි මව්වරුන්ට, කුඩා දරුවන්ට වීදුරු කටු තියෙන, බාල බෙහෙත් දෙනවා නම් ඒක මොන තරම් පාපයක්ද කියලා අමුතුවෙන් කියන්න උවමනා නැහැ.

ජනප්‍රිය පුවත්  දෙමළාගෙන් ආතල් ගැනීම


ඉහළ ප්‍රමිතියේ බෙහෙත් වෙනුවට බාල ඉන්දියානු බෙහෙත් වලට ලංකාව විවෘත කරන්න, ඉන්දියාව එක්ක ගිවිසුම් අත්සන් කරලා මෙරට රෝගීන් මැරෙන්න සැලැස්සුවට හෙට අනිද්දට ආණ්ඩුව කියාවි නලින්දත් හොඳ මිනිහෙක් කියලා.


මේ ආණ්ඩුවේ ඉන්න තක්කඩි, තමන්ගේ හැම මජර වැඩක්ම වහගන්නේ අපි හොඳ මිනිස්සු කියලා.
හැබැයි මේ තරම් නරක, තක්කඩි ඉතිහාසය පුරාම ඉඳලා නැහැ.


බාල බෙහෙත් වලින් මිය ගිය රෝගීන්ට අප නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.


අපට කළ හැක්කේ එපමණයි.

උපුටා ගැනීම සචින් රත්වත්තගේ මුහුණු පොතෙන්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x