October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

හරිනිට දිගටම ප්‍රහාර !

1 min read

ආණ්ඩුවේ ජ.වි.පෙ. හෙවත් පැලවත්ත පාර්ශවයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉලක්ක කරගෙන තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට තීරණය කර තිබේ. ඇය ආණ්ඩුවේ ප්‍රතිරූපයට හානිකර පියවර ගන්නා අයකු ලෙස හුවා දක්වා, ඉදිරි සැප්තැම්බර් මස සිදු කරනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කරන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඇය වෙනුවට වෙනත් අයකු අග්‍රමාත්‍ය තනතුර සඳහා පත් කිරීමට පැලවත්ත පාර්ශවයේ අවධානය යොමුව ඇතැයි පැවසේ.

මේ පිළිබඳ යම් සැක සංකා පහල වී ඇති අග්‍රාමාත්‍ය හරිනි ද ඇයගේ සමීප යෙහෙලියන් කීප දෙනෙකුටම පවසා තිබුණේ එසේ වුවහොත් තමන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 50 කට වැඩි සංඛ්‍යාවක් සමග විපක්ෂයේ අසුන් ගන්නා බවත් පාර්ලිමේන්තුව තුළ වෙනත් පාලනයක් පිහිටුවීමට ඒකාබද්ධව උත්සාහ කරන බවත් ය. බුද්ධි අංශ මගින් අදාළ ප්‍රවණතා පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබේ. ඔහු පසුගිය දා පාර්ලිමේන්තුවට පැමිණ “අභ්‍යන්තර කුමන්ත්‍රණ” ගැන ද එලිපිට ප්‍රකාශ කළේ මේ හේතුව මත බව ද පැවසේ.

අග්‍රාමාත්‍ය හරිනිට ජීවිත තර්ජනයක් එල්ල වී ඇතත්, එසේ එල්ල වී ඇත්තේ කවර පාර්ශවයකින්දැයි මෙතෙක් ආරක්ෂක අංශ පෙන්වා දී නැත. ඒ පාර්ශවය ආණ්ඩුව තුළින්ම පැන නැගෙන පාර්ශවයක් ද ? නො එසේනම් බාහිර පාර්ශවයක් ද ? පිළිබඳව කිසිවකු ප්‍රකාශ නොකරයි. දැනට 300 කට වැඩි ආරක්ෂකයන් ප්‍රමාණයක් ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබේ.

ගවේෂණ වාර්තාකරු

UnderGround

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x