January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හරිනිගෙ වරුනේ

1 min read

අගමැති හරිනි අමරසූරිය වෙනුවෙන් සුපුරුදු ඊනියා සිවිල් සංවිධාන සහ NGO උගත්තු ලිපියකට අත්සන් කරලා.
මේ අත්සන් ලේඛණයේ බහුතරය රැකියාවක් විදියට පූර්ණ කාලීනව හෝ ‘පාර්ට් ටයිම්’ NGO සංවිධාන වල ක්‍රියාකාරී සාමාජිකයො.

හරිනි අමරසූරියත් මේ ‘NGO ක්ලික්’ එකේ සාමාජිකාවක්.

එම නිසා හරිනි ආරක්ෂා කර ගැනීමට සුපුරුදු පරිදි මුදල් ගෙවන හෝ ‘ස්වේච්ඡා’ කැම්පේන් එකක ඔවුන් කොටස්කරුවන් වෙලා.

එය ඔවුන්ගේ සාමාන්‍ය දේශපාලන හැසිරීම නිසා ඒ පිළිබඳ අපගේ උණන්දුවක් නැහැ
.
නමුත් මේ ලිපිය තුළින් ඉතාම දෝෂසහගතව සහ හිතාමතාම මහජනතාව රැවටීමට උත්සාහ කර තිබුණා.
එය සාකච්ඡාවට ලක්විය යුතුයි.

මේ NGO ක්‍රියාකාරිකයන් පෙන්වා දෙන විදියට විපක්ෂ ක්‍රියාකාරිකයන් සහ විවේචකයන් හරිනි විවේචනය කරන්නේ ඇය ගැහැණියක් නිසා.

ඔවුන් හරිනි ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන්නේත් ඇය ‘ගැහැණියක්’ නිසා. (එසේ නොමැතිව විවේචන ‘අසත්‍ය’ නිසා නොවෙයි)

මෙන්න මේ මූලික තර්කය ඉතාම දෝෂ සහගතයි. එමෙන්ම හිතාමතාම සමාජයක් නොමග යවන කපටි තර්කයක්.

ඔව්!

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඉන් සිදුකෙරෙන මහා විනාශය නිසා හරිනි අමරසූරියට දැඩි විවේචන එල්ල වෙනවා.

ජනප්‍රිය පුවත්  මාතෘ භුමිය අනාගත සන්ධිස්ථානයක. ජවිපෙ ප්‍රමුඛ මාලිමා සභාගය බලය වෙනුවෙන් අරගලයක

එදා මනාප ලක්ෂ හයකට වඩා ලබා ගත් ඈ, මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් අතර අප්‍රසන්නම චරිතයක්.
අප ද ඉතා ප්‍රබල සහ දැඩි විරෝධයක්, විවේචනයක් හරිනිට එල්ල කරනවා.

නමුත් ඒ හරිනි ‘ගැහැණියක්’ නිසා නොවෙයි.

කරුණාකර හැකිනම් හරිනි ගැහැණියක් වූ නිසා ඇය විවේචනය කළ සාධනීය විවේචනයක් පෙන්වන්න.
නැහැ. හරිනි ගැහැණියක් නිසා අපට හෝ රටට ගැටලුවක් නැහැ.

ගැහැනියක් අධ්‍යාපන ඇමති වීම දරාගත නොහැකි මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන, අන්තවාදීන් සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන ශ්‍රී ලංකාවේ නැහැ
.
එවැනි රටක් දැකගැනීමට අවශ්‍ය නම් ඇෆ්ගනිස්ථානය දෙස හෝ ඉරානය දෙස බලන්න.
නමුත් මේ ශ්‍රී ලංකාව.
මේ ලොව ප්‍රථම අගමැතිනිය බිහිකළ රට. දෙවරක් විධායක ජනපතිනියක් බිහි කළ රට.

හරිනිගේ ගැටලුව ඇය ගැහැණියක් වීම හෝ ඇයගේ පුද්ගලික ලිංගික චර්යාවන් නොවෙයි.

හරිනි ගැහැණු නොව, ‘ශීතකරණයක්’ ලෙස ඇය හඳුන්වා ගත්තත් අපිට ගැටලුවක් නැහැ.

අපිට ඇති ගැටලුව, ඉතාම වගකීම් සහගත විය යුතු මෙරට අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් ඇය සිදු කරන මහා විනාශය පමණයි.

ලෝකය ප්‍රතික්ෂේප කරනා, යල් පැන ගිය ක්‍රමයක් ඇය මෙරට ස්ථාපිත කිරීමට යනවා.

ජනප්‍රිය පුවත්  බෞද්ධයන් අඩු වේ! මුස්ලිම් වැඩි වේ! නව ජන සංගණන වාර්තාව කියා පාන කථාව

දුප්පත් සහ අවවරප්‍රසාදිත දරුවන් හැලී යන, නිදහස් අධ්‍යාපනයේ මූලික පරමාර්ථ විනාශ කරන ක්‍රමයක් ඈ ස්ථාපිත කිරීමට යනවා.

වැරදි විෂය කරුණු දරුවන්ට ඉගැන්වීමට යනවා.

දරුවන්ගේ තරගකාරීත්වය විනාශ කරමින්, ඔවුන් මොට කිරීමට උත්සාහ කරනවා.

අප මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මුල්ම කාලයේ සිට සංවාදයක් ඇති කිරීමට උත්සාහ කළා.

එහිදීත් අපගේ මූලික පදනම එයයි.

ප්‍රශ්නගත සමරිසි වෙබ් අඩවිය ඇතුලත් වීමේ සිදුවීමේ දී පවා අපගේ තර්කය වුණේ දරුවන්ට සමාජ ජාලා / අන්තර්ජාලය ප්‍රවර්ධනය කිරීම යල්පැන ගිය, ලෝකය විසින් ප්‍රතික්ෂේප කරන සංකල්ප බව පෙන්වා දීමයි.
එසේ නොමැතිව හරිනි ගැහැණියක් වීම (ඇය එසේදැයි ඇයගෙන් ඇසිය යුතුයි.) හෝ ඇයගේ පුද්ගලික නිදන කාමරයේ දේවල් කිසිම විටෙක මේ සංවාදයේ කොටස් වුණේ නැහැ.

ඒ බව සඟවා, මේ ප්‍රශ්නගත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ගැටලු සඟවමින්, NGO කල්ලි, හරිනිගේ ‘ගැහැණුබව’ ඇදලා අරන්.

ඔවුන්ගේ තර්කයට අනුව හරිනි කුමන විනාශය සිදු කළත්, අපට ඊට විරුද්ධ විය නොහැකියි.
ඇයි ? හරිනි ගැහැණියක් නිසා.

ඇය කුමන අපරාධයක් කළත්, ඇය ගැහැණියක් නිසා අපට ඊට එරෙහි වන්නට බැහැ.

ජනප්‍රිය පුවත්  දේශපාලන බොරුවලට සමාජයක් ගොදුරුවන ආකාරය

මන්ද මේ NGO කාරයන් එය සමස්ථ ගැහැණියට විරුද්ධ වීමක් ලෙස පෙන්වනවා.

එමෙන්ම මේ තර්කය තුළින් හරිනි ගැහැණියක් නිසා ඇයට ඕනෑම වරදක්, අපරාධයක් කිරීමේ ‘බලපත්‍රයක්’ හිමිවෙනවා.

එසේ විය නොහැකියි.

ඔව්! අපට හරිනි අමරසූරියට එරෙහිව විශාල විවේචනයක්, චෝදනාවක් තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ඉතාම විනාශකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙමින් ඇය සිදු කරනා මහා ජාතික අපරාධයටයි.

එසේ නොමැතිව හැම මගුලම ‘ලිංගිකත්වයට’ සම්බන්ධ කරන, ‘ලිංගිකත්වයෙන්’ තොර ජීවිතයක් නොමැත්, NGO කාරයන්ගේ ලෙඩ අපට නැහැ.

ඒ බව අප ඉතාම පැහැදිලිව සඳහන් කළ යුතුයි.

මේ මහා ජාතික අපරාධය, හරිනිගේ ගැහැණුකමට එරෙහි විවේචනයක් ලෙස පෙන්වා තනුක කර දිය කර හැරීමට NGO පප්පලාට ඉඩ දිය යුතු නැහැ.

උපුටා ගැනීම Sachin Rathwatte ෆේස්බුක් පිටුවෙන්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x