හරිනිගෙ ප්‍රතිසංස්කරණ පරද්දන්න පාසැල් මට්ටමේ විරෝධතා!
1 min read
නව පාසල් වාරය ආරම්භ වීමත් සමග පාසැල් කේන්ද්‍ර කරගත් විරෝධතා පැවැත්වීමට ගුරු- සිසු -දෙමාපිය සංවිධාන සූදානම් වන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට දැනුම්වත් කර තිබේ.
ඒ අනුව ආපදා තත්ත්වය අවසන් බවට ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ප්‍රකාශ කර තිබියදීත්, පසුගියදා හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරනු ලැබුවේ එම විරෝධතාවන් මැඩ පැවැත්වීම සඳහා බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අවධාරණය කර සිටී.
අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය විසින් ප්‍රමාණවත් සංවාදයකින් තොරව 2026 නව පාසැල් වාරය සමඟ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විදුහල්පති සහ ගුරුවරුන්ගේ විශාල විරෝධයක් එල්ල වී තිබේ. මේ වන විට සිසුන්ගේ දෙමාපියන් දක්වා එම විරෝධය ව්‍යාප්ත වී තිබේ.
රාජ්‍ය බුද්ධි අංශ විසින් මේ පිළිබඳ අනතුරු ඇඟවීමත් සමග අදාළ විරෝධතා මැඩ පැවැත්වීම පිණිස හදිසි නීතිය යොදා ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
Lanka Underground News වාර්තාකරු ලක්ෂ්මන් කපුකොටුව
