November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

හන්ගල ගහන U.S. ගිවිසුම

1 min read

ඉන්දියාවත් එක්ක ගැහුව වගේම ඇමෙරිකාවත් එක්කත් අනුර කුමාර දිසානයක හොර ගිවිසුමක් ගහලා. ඒ නොවැම්බර් 14වැනිදා. ඊට කලින් දවසේ, ඒ කියන්නෙ නොවැම්බර් 13 වැනිදා “අපි සතුරන්ට සමාව දෙන්නේ නෑ. ඒක අපේ ප්‍රතිපත්තියක්” කියමින් ටිල්වින් සිල්වා බෙරිහන් දුන්නා. ජවිපෙ ලේකම්වරයා මේ තර්ජනය කළේ ජනතා විමුක්ති පෙරමුණේ දිවි පිදූවන් සමරණ, ඉල්මහ විරු සමරුවේදීයි. මේ සමරුවේදී අනුර කුමාර කිව්වා“එක කෑම පිඟාන බෙදාගෙන කාපු මිනිස්සු අද සතුරාගේ ගොඩට වැටිල”කියලා. ඉල්මහ විරුවන් ජීවිතය දුන්නෙ ධනපති පංතියට සහ අධිරාජ්‍යවාදයට එරෙහි සටනේදීයි.එහෙමනම් ටිල්වින් සිල්වා මේ තර්ජනය කළේ ධනපති පංතියටද? නැතිනම් අධිරාජ්‍යවාදයටද? අපට හිතන්න වෙන්නෙ එහෙමයි.
නමුත් දැන් සිද්ධ වෙන්නෙ වෙන දෙයක්. ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් රහසේ ධනපතියන් සහ අධිරාජ්‍යවාදීන් එක්ක බුදියන එකයි දැන් සිද්ධ වෙන්නෙ. මේ විදිහට රට පාවා දෙන පාලනයක් නෙවෙයි දිවි පිදූ විරුවන් ප්‍රාර්ථනා කළේ. නමුත් අද සිද්ධ වෙමින් යන්නෙ ඔවුන් හීනෙකින්වත් හිතුව නැති දෙයක්. අනුර කුමාර කියන විදිහට එක බත්පත බෙදාගෙන කෑව මිනිස්සු අද සතුරාගේ ගොඩට වැටිල රහසේ රජ බොජුන් කනවා. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියන්නෙ ඕකටයි.
අත්සන් කරල තියෙන ඇමෙරිකන් ගිවිසුමට “රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන” කියල තමයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නම් කරල තියෙන්නෙ. මේක හංගල ගහන ඇමෙරිකන් ආරක්ෂක උපක්‍රමයක් කියල කියන්න පුළුවන්. ගිවිසුමේ තොරතුරු එළියට දාල නැති නිසා මීට අදාළ ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිල වෙබි අඩවියට ගියාම ලස්සනට කතන්දරේ ලියල තියෙනවා. ඒකට අනුව මේ වැඩ සටහන පටන් අරගෙන තියෙන්නෙ 1991 දී. ඒ පැරැණි සෝවියට් රාජ්‍යයන්ගෙන් එන තර්ජනයට මුහුණ දෙන්න. ඒ අනුව ඇමෙරිකාව තමන්ට යටත් බොල්ටික් කලාපයේ රටවල් තුනක නායකයින් එක්ක ගිවිසුම් ගහල තමයි මේ වැඩ සටහන ආරම්භ කරල තියෙන්නෙ. ගිවිසුමේ තියෙන මිලිටරි පෙනුම නැති කරගන්න, ගංවතුර, භූමි කම්පා සහ ලැව්ගිනි වැනි ස්වභාවික විපත්වලදී අමෙරිකන් හමුදාව දේශීය වශයෙන් උදව් කිරීම කියන සාමකාමී අරමුණක් දාගෙන තියෙනවා.
මේ අරමුණම තමයි ලංකාවට අදාළ ගිවිසුම හඳුන්වල දෙන්නත් දාල තියෙන්නෙ. වැඩිපුර යමක් තියෙනවානම් සයිබර් ආරක්ෂාව ගැන කියල තියෙනවා.මේ කරුණු ඇමෙරිකන් තානාපති නිල වෙබ් අඩවියේ දාල තියෙනවා. තානාපති කාර්යාලය එහෙම කිව්වත් ඇමෙරිකන් රාජ්‍ය දේපාර්තමේන්තුවේ වෙබ් අඩවිය කියන විදිහට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක උපාය මාර්ග අරමුණු වෙනුවෙන් මේ බලකාය වැඩ කරන්න ඕනි කියල කියනවා. ඒ අනුව ඇමරිකාවේ ආරක්ෂක උපාය මාර්ග අරමුණ ලංකාවේ ගංවතුරෙන් විපතට පත්වෙන මිනිස්සුන්ව බේරා ගන්න එකද? නැත්නම් කොහේ හරි ලැව්ගිනි නිවන එකද?
නෑ. ඒක නෙවෙයි අරමුණ කියල අපි කවුරුත් දන්නවා. මෙවැනි ගිවිසුම් හරහා ඔවුන්ට අවශ්‍ය මිලිටරි තාක්ෂණික උපකරණ රට ඇතුලට නීත්‍යාණුකූලව ගේන්න පොට පාදා ගන්නවා.උදාහරණයක් විදිහට ගත්තොත් 2014දී ඉරාකයත් එක්ක අත්සන් කරපු සොෆා (SOFA) ගිවිසුමේ වගන්ති පාවිච්චි කරල ඉරාන හමුදා නායකයෙක් ඝාතනය කළා. ඇමරිකානුවන් හමුදා කඳවුරු පිහිටුවන්න මේ අවසරය පාවිච්චි කළා.මේ වගේ උදාහරණ ඕනි තරම් තියෙනවා.
මේ ගිවිසුමම නේපාලයේ ගහන්න 2015 ඉඳළ ඇමරිකාව උත්සාහ කරනවා. නමුත් ඔවුන් ඒක මේ දක්වා ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. හේතුව මේ ගිවිසුමේ වගන්ති අස්සෙ හංගලා තියෙන වචන. එළියට ආපු නේපාල ගිවිසුමේ හංගල තියෙන කරුණු කීපයක් පහතින් ලියල තියෙනවා.🇳🇵😍
🤝ඇමරිකන් හමුදාවට රටට ඇතුළු වීමේ නීත්‍යාණුකූල අවසරය ලැබීම.
🤝දින නියමක් නැතිව ඇමරිකන් භටයින්ට සහ නිලධාරින්ට රැඳී සිටීමට අවසරය ලැබීම.
🤝ඇමරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉලක්ක සඳහා සහාය ලබාදීමට බැදීම.
මේ කරුණු අනුව “සහයෝගිතා ගිවිසුමට” අත්සන් කරනවා කියන්නෙම එක්සත් ජනපද ඉන්දු – පැසිෆික් උපාය මාර්ගික ගිවිසුමට අත්සන් කළා කියන එකම තමයි කියල නේපාලය කිව්වා. මේකට රට තුළිනුත් විශාල විරෝධයක් ආවා. මේ සියළු කරුණු එක්ක නේපාලයත් එක්ක තවම මේ ගිවිසුමට අත්සන් තියා ගන්න ඇමරිකාවට බැරි වෙලා තියෙනවා.
නමුත් අපි…..

ජනප්‍රිය පුවත්  ඩිජිටල් හැඳුනුම්පත පුරවැසි පෞද්ගලිකත්වයේ සහ දත්තස්වෛරිත්වයේ අවසානය….

උපුටා ගැනීම- ප්‍රියන්ත මධුකුමාර ෆේස්බුක් පිටුවෙන්

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x