සූජීව සේනසිංහගෙන් ප්‍රමිෂ්කාට කොන්ත්‍රාත්තුවක්!
1 min read
ආණ්ඩුව හා ‘හිරු‘ මාධ්‍ය ජාලය අතර පවතින අර්බුදකාරී තත්වය සමනය කිරීම සඳහා මැදිහත්වන ලෙස, ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, ජනාධිපතිවරයාගේ සමීප මිතුරියක වූ ප්‍රමිෂ්කා පෙරේරා වෙතින් ඉල්ලා තිබේ.
පසුගිය දා මේ දෙදෙනා කොළඹ පිහිටි සුඛෝපභෝගී පෞද්ගලික නිවසක දී මුණ ගැසී තිබේ. එහිදී සේනසිංහ මන්ත්‍රීවරයා ප්‍රමිෂ්කාගෙන් ඉල්ලා ඇත්තේ, ජනාධිපතිවරයාට කතා කර ”හිරු” සමග ඇති අවුල නිරාකරණය කිරීමට මැදිහත්වන ලෙසයි. එහිදී ප්‍රමිෂ්කා පවසා ඇත්තේ, තමන් එය ”අනුර අයියා” හමු වී කතාකර, පසුව දන්වන්නම් කියා ය.
කෙසේ වෙතත්, මේ පිළිබඳව හිරු මාධ්‍ය ජාලයේ අධිපති රේනෝ ද සිල්වාගෙන්, ඔහුගේ සමීප මිතුරෙකු විසින් විමසා ඇත. එහිදී රේනෝ පවසා ඇත්තේ, එවැනි ඉල්ලීමක් සිදු කරන ලෙස තමන් සූජීවට හෝ වෙනත් කවරකුටවත් පවසා නැති බවයි. සූජිව අදාළ ඉල්ලීම සිදුකර ඇත්තේ, තමාගේ අවබෝධයෙන් තොරව බවද ඔහු අවධාරණය කර තිබේ.
ප්‍රමිෂ්කා පෙරේරා මේ වන විට ජනාධිපතිවරයාට වඩාත්, බලපාන තැනැත්තිය බවට පත්ව තිබේ. ”ප්‍රොපට් ජෙරම්” යනුවෙන් හදුන්වන ”බෝන් අගේන්” නිකායේ ප්‍රධානියා හමුවීමට ජනාධිපතිවරයා රැගෙන ගොස් ඇත්තේ ද ඇය විසිණි. ඒහිදී ජෙරම් විශේෂ යාඥා මෙහෙයක් සිදුකර තිබේ.
ප්‍රභාත් ගමගේ LankaUndergroundNews
