සුළිකුණාටුව ආර්ථිකය දැඩිව කලඹයි – අයි.එම්.එෆ්. කියයි
1 min read
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අනුගතවීම තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රගතියක් ලබා තිබුණත් ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් ආර්ථිකය තවදුරටත් අවදානමට ලක්විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක සිට යළි නැගිටිමින් සිටින අතරතුර අයි.එම්.එෆ්. සහාය ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින අවධියක මෙම සුළිකුණාටුවට මුහුණ දුන් බවද මූල්‍ය අරමුදල කියයි.
ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 206ක හදිසි මූල්‍ය පහසුකම ලබාදෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ.
ආර්ථිකය තවදුරටත් යම් අවදානමකට ලක්විය හැකි අතර, දළ දේශීය නිෂ්පාදිතය ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟාවී නොමැත.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
