March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සීනි නිෂ්පාදනය පහළට | ආනයනය ඉහළට

1 min read

මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, මෙරට සීනි කර්මාන්තයේ කැපී පෙනෙන පසුබෑමක් දක්නට ලැබේ.

2024 වසරේ මුල් මාස නවය තුළ මෙට්‍රික්ටොන් 74,970ක් ලෙස පැවති දේශීය සීනි නිෂ්පාදිතය, 2025 වසරේ අදාළ කාලය වන විට මෙට්‍රික්ටොන් 56,992 දක්වා අඩු වී ඇත.

මෙය පෙර වසරට වඩා මෙට්‍රික්ටොන් 17,978ක, සියයට 24%ක සැළකිය යුතු අඩුවීමකි.

දේශීය නිෂ්පාදනය මෙලෙස සීමා වෙද්දී, විදේශයන්ගෙන් සීනි ගෙන්වීම ඉහළ ගොස් ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව, 2024 වසරේ මුල් මාස නවයේදී ආනයනය කළ සීනි ප්‍රමාණය මෙට්‍රික්ටොන් 470,166ක් වුවද, 2025 වසරේ එම කාලසීමාව තුළදී එය මෙට්‍රික්ටොන් 556,359 දක්වා ඉහළ ගොස් තිබේ.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x