October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

“සිරස” ට කියයි ! විමල් ට නොකියයි !

1 min read

ලබන සඳුදා (06) තංගල්ල පොලීසිය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට කැඳවීමක් සිදු කර ඇතැයි ඊයේ (04) ‘සිරස’ රූපවාහිනී නාලිකාව මගින් ප්‍රවෘත්තියක් විකාශය කර තිබේ.

‘බෙලිඅත්තේ සනා’ සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයට විමල් වීරවංශ ට පොලීසියෙන් කැඳවීමක් සිදු කර ඇතැයි එම පුවත මගින් අනාවරණය කර තිබුණි. පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබුණේ, ‘පුවක්දණ්ඩාවේ සනා’ නොහොත් සනත් වීරසිංහ මාලිමාවේ ප්‍රභල ආධාරකරුවකු බවත්, ඔහුගේ නිවසට ජනාධිපති අනුර කුමාර තංගල්ලේ ගිය විට කෑම ගැනීමට පවා ගොස් තිබෙන බවත් ය. මෙම ‘පුවක්දණ්ඩාවේ සනා’ පසුගිය දා මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ චෝදනා මත පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිණි. පසුව එම අත් අඩංගුවට ගැනීම සිදු කරන ලද නියෝජ්‍ය පොලිස්පතිවරයාව පොලිස්පතිවරයා විසින් වෙනත් ප්‍රදේශයකට මාරුකර යවා තිබේ.

තංගල්ල පොලීසිය විමල් වීරවංශ මහතාව පොලීසියට කැඳවා ඇත්තේ මේ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට බව ‘සිරස’ රූපවානිහිය ප්‍රකාශ කළ ද මේ වනතුරු එබඳු දැනුම්දීමක් විමල් වීරවංශ මහතා වෙත සිදුකර නැතැයි ඒ මහතාගේ ආරංචි මාර්ග පවසා සිටී.

“මේ පොලිස්පතිවරයා කාට හරි පොලීසියට එන්න කියනවානම් ඒක දන්වන්නේ ‘සිරස’ ට. සිරසෙන් තමයි අදාළ පුද්ගලයා ඒ ගැන දැනගන්න ඕනා. පොලීසිය වැටිච්ච තත්වයක්!” යනුවෙන් ප්‍රකාශ කර සිටියේ විමල් වීරවංශ මහතාගේ ලේකම්වරයෙකි.

දුලාන් මදුකුමාර

Underground

Share this post with your friends
5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Sudesh
Sudesh
1 day ago

ගොං සිරසයි, ගොං පොලිසීයයි

Rehan
Rehan
1 day ago
Reply to  Sudesh

අනිවා බං

2
0
Would love your thoughts, please comment.x
()
x