”සාකච්ඡාව වෙන තැනක පෝයට දාගමු!” ආණ්ඩුවේ ලොක්කා කියයි.. ජපන් ආයෝජකයන් හැරී යයි!
1 min read
ශ්‍රී ලංකාවේ ආයෝජනයකට පැමිණි ජපානයේ ආයෝජකයන් පිරිසකට ඉහළ පෙළේ නිලධාරියකු සාකච්ඡාවකට අවස්ථාවේදී ඉන් මගහැර යෑම හේතුවෙන් එම ආයෝජකයන් පිරිස කලකිරීමට පත්ව ආපසු හැරී ගොස් ඇතැයි වාර්තාවේ.
පසුව එම නිලධාරියා පෝය දිනයක වෙනත් ස්ථානයක සාකච්ඡා කිරීමට යෝජනා කර ඇති අවස්ථාවේදී එම ආයෝජකයන් එය ප්‍රතික්ෂේප කර ඇත.
මේ සිද්ධියවූයේ මාර්ග ආරක්ෂණ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රජයේ අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යාංශ උසස් නිලධාරියෙකු හමුවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී බව එම ජපන් ආයෝජකයන් පිරිස සම්බන්ධීකරණය කළ රාජපුත්‍ර සමූහ ව්‍යාපාරයේ සභාපති සජීව් රාජපුත්‍ර මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව නොදීමෙන් තමා මෙන්ම ජපන් ආයෝජකයන් පිරිස දැඩි අපහසුතාවයට පත්වූ බවත් එම ජපාන ආයෝජක පිරිස මෙහි කැඳවීමට සහ නවාතැන් සැපයීමට තමාට ලොකු පිරිවැයක් දැරීමට සිදුවූ බවත් සජීව් රාජපුත්‍ර මහතා ප්‍රකාශ කළේය.