November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

සමනලයෝ සහ සමනලියෝ !

1 min read

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ මෙරට සුළුතර ලිංගික ප්‍රජාවගේ උවමනා එපාකම් ආරක්ෂා කරන බවට පොරොන්දු වී ය. එහි දී තම “සෞභාග්‍යමත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔවුහු ඒ පිළිබඳව මෙසේ අවධාරණය කළහ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අවශ්‍යතාවලට සංවේදී ලෙස අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය ආදී පොදු සේවා ශක්තිමත් කිරීම තුලින් ස්ත්‍රීන් මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම.

සේවා ස්ථානයේ, පොදු ප්‍රවාහනයේ ඇතුළු සියලු තැන්හි ස්ත්‍රී පුරුෂ සමාජභාවීය පදනමෙන් සිදු වන ප්‍රචණ්ඩත්වයෙන් හ හිංසනයෙන් තොරව ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන ආකාරයට නීති සහ කාර්ය පටිපාටින් සංශෝධනය කිරීම.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතාව පිළිබඳ අයිතිවාසිකම පුළුල් කරමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාව සහ ලිංගික දිශානතිය මත වෙනස්කොට නොසලකන බවට තහවුරු කිරීම.

සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට විශේෂිත වන සෞඛ්‍ය සේවා, නෛතික සේවා, සමාජ ආරක්ෂණය වැනි රාජ්‍ය සේවා සහ යුක්තිය සඳහා වන ප්‍රවේශය ඉහල නැංවීම.

මෙහිලා කියැවෙන “සමරිසි” යනු සම ලිංගික සබඳතා පවත්වාගෙන යාම ය. “සංක්‍රාන්ති සමාජභාවී” යන්නට අයත් වන්නේ “නපුන්සක” යන ජනප්‍රිය යෙදුමෙන් හඳුන්වන පුද්ගලයන් ය. මේ සියලු දෙනා පිලිබඳව බැහැර කිරීම්වාදී ආකල්පයකින් තොරව, මානුෂීයව කටයුතු කිරීම ශිෂ්ඨ සම්පන්න සමාජයක වගකීම ය. එහෙත්, එසේ පිළිගැනීමෙන්, මෙම සමරිසි හා සංක්‍රාන්ති ලිංගික ප්‍රවණතා ප්‍රවර්ධනය කිරීමට හෝ එම සුළුතර ලිංගික ප්‍රවණතා උත්කර්ෂයට නැංවීමට හෝ අප ඉඩ දිය යුතු නැත.

ජනප්‍රිය පුවත්  රංග දිසානායක කතා වස්තුව II

මේ ආණ්ඩුවේ අගමැතිනියගේ සිට, කතානායකවරයා හරහා ලක්මාලි මන්ත්‍රීවරිය දක්වා වූ බොහෝමයක් මෙම සුළුතර ලිංගික ප්‍රවණතාවට අයත් වූවෝ වෙති. අගමැතිනිය තම පෙම්වතිය තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තබාගෙන කෙලි සෙල්ලම් කරනු ලබයි. කතානායකවරයා තම ප්‍රේමවන්තයාව, පාර්ලිමේන්තු සේවකයකු බවට පත් කරගෙන, ඔහු හා “ලී කෙලි ගැසීමට” වෙනම රජයේ නිවසක් ද හිමි කරගෙන ප්‍රීති ප්‍රමෝදයෙන් කල් ගත කරනු ලබයි. ලක්මාලි මෙනෙවිය ද සිය තරුණ පෙම්වතිය දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක රඳවා තබාගෙන ආණ්ඩු බලයේ බල මහිමය විදහා පෙන්වනු ලබයි. 159 න් තව තවත් ඇත්තන් සහ ඇත්තියන් මේ අන්දමේ ජීවිත ගෙවමින් ප්‍රමෝදයට පත්ව වාසය කරති. ඒ ගැන අපටනම් ඉරිසියාවක් නොවේ; දේශපාලන බලය අවභාවිතා වීම ගැන පමණක් අපට ප්‍රශ්නයක් ඉතිරිව තිබේ.

මේ සුළුතර ලිංගික ප්‍රවණතා ප්‍රවර්ධනය කිරීම සඳහා “U.S. AID” වැනි සංවිධාන සල්ලි ලබා දේ. ඇතැම් බටහිර රටවල තානාපති කාර්යාල ද එසේ සිදු කරනු ලබයි. එය එසේ කරනුයේ, පවුල නැමැති සමාජ සංවිධානය කඩා බිඳ දැමීම අරමුණු කරගෙනය. සමරිසි කතා වස්තූන් සහිත නවකතා ගැටවර වයසේ දූ දරුවන් අතර ප්‍රචලිත කෙරෙන්නේ ද, රජයේ රූපවාහිනී නාලිකාවක් වූ I.T.N. හි එවැනි චරිත සහිත ටෙලිනාට්‍ය විකාශනය කෙරෙන්නේ ද අහම්බයකින් නොවන බව අප තේරුම් ගත යුතුය. ජාතියේ නිරෝගී දූ පුතුන් මේ උවදුරට ඇද ගැනීම සඳහා වත්මන් ආණ්ඩුවත්, එහි සිටින ඉහත කී පිරිසත් දරණ වෑයම භයානක වන්නේ ඒ නිසා ය. සමරිසි හා සංක්‍රාන්ති ලිංගික සංචාරකයන් කණ්ඩායම් වශයෙන් ලංකාවට ගෙන ඒමට සංචාරක අධිකාරිය කැහැපට ගසන්නේ ද ඒ අනුව ය. කෙනෙකුගේ ලෙඩකට ප්‍රතිකාර කළ යුතුය. ඒ දෙස සාධාරණව බැලිය යුතුය. එහෙත් එමගින් ලෙඩේ බෝ කිරීමට ඉඩ දිය යුතු නැත. මේ ලෙඩ්ඩු හදන්නේ තමන්ට හැදී ඇති ලෙඩේ හොඳ කර ගැනීමට නොව එය මුලු මහත් සමාජය තුල බෝ කර හැරීමට ය. මුලු රටම ඊට එරෙහි විය යුතු ය. දරු පරපුරේ අනාගතය වෙනුවෙන් අප එය ඉටු කළ යුතුම ය.

ජනප්‍රිය පුවත්  විරුවන් ස - මරමු!

මේ, “සමනල” පෝස්ටරේ ඔස්වාගෙන සිටින ලක්මාලිලාට වැල දී ඇති “ලෙඩ” අපේ දරුවන්ට බෝ කිරීමට කිසි ලෙසකින්වත් ඔබ ඉඩ දිය යුතු නැත !

Subscribe
Notify of
guest
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Bhanuka Perera
Bhanuka Perera
1 month ago

අනිවා ඇත්ත කතාව

Swarna Malkanthi
Swarna Malkanthi
1 month ago

Minissu den parata bahinna ona mewata wiruddawa.

Namal Soyza
Namal Soyza
1 month ago

වැදගත් ලිපියක් නිසා මමත් මේක ශෙයාර් කළා

Madusha Kalhari
Madusha Kalhari
1 month ago

මේ වගේ ලිපි දිගටම දාන්න. සමාජය දැනුම්වත් කරන්න ඕනා.

4
0
Would love your thoughts, please comment.x
()
x