October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

සංවිධානාත්මක අපරාධ දිගින් දිගටම වැඩිවෙයි

1 min read

නව පොලිස්පතිවරයා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ක්‍රියා කළ පසුගිය 2024 සහ 2025 වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දේ. 2024 වර්ෂයේදී ජනවාරි මාසය තුළ වෙඩි තැබීම් 4ක් ඇතුළුව මුළු සිදුවීම් 6ක් ලෙස වාර්තා වූ සංවිධානාත්මක අපරාධ ගණයට ගැනෙන සංඛ්‍යාව 2025 වසරේ ජනවාරි මාසය තුළ දී වෙඩි තැබීම් 5ක් සහ මුළු සිදුවීම් 10ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2024 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මෙම ගණන (මාස 12ක් ඇතුළුව) වෙඩි තැබීම් 29ක් සහ මුළු සිදුවීම් 74ක් වුවත් 2025 පළමු මාස 7 තුළ පමණක් (එනම් ජුලි මාසය වන විට) වෙඩි තැබීම් ගණන 25ක් දක්වාත් මුළු සිදුවීම් සංඛ්‍යාව 64 දක්වාත් වර්ධනය වී තිබේ. 2025 වසර අවසන් වීමට තවත් මාස 5ක පමණ කාලයක් ඉතිරිව පවතින බැවින් 2024 ට සාපෙක්ෂව 2025 සංවිධානාත්මක අපරාධ සංඛ්‍යාත්මකව ඉහළ යෑම අනිවාර්‍යය බව ද පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පෙන්වා දේ.

මේ තත්වය දිගින් දිගටම වර්ධනය වුවහොත් ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ පාලනය කර ගත නොහැකි මට්ටමකට පත්ව යා හැකි බව පොලිස් දෙපාර්තමේන්තුව තුළම සාකච්ඡාවට භාජනය වීමට පටන්ගෙන තිබේ.

තිමිර ජයකොඩි (මාණ්ඩලික වාර්තාකරු)
UnderGround

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x