ශානි කවදාවත් අපේ දේශපාලන වේදිකාවට ආවේ නෑ! ඔහු අවංක ස්වාධීන නිර්භීත නිලධාරියෙක්! – ඇමති ආනන්ද විජේපාල….
1 min read
ජාතික ජන බලවේග විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ඉදිරිපෙළ සාමාජිකයෙකු වූ වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර කිසිදු දේශපාලන වේදිකාවට ගොඩනොවූ ස්වාධීන නිලධාරියෙකු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
“ශානි අබේසේකර මහත්මයා අපේ කිසිම දේශපාලන වේදිකාවක හෝ කිසිදු දේශපාලන වැඩසටහනකට සම්බන්ධ වෙලා හිටි පුද්ගලයෙක් නෙමෙයි. ඔහුට සිය සේවා කාලය තුළ විශාල අසාධාරණයක් වුණා. ඔහුගේ රැකියාව අහිමි කළා. ඔහු සිරබාරයට ගත්තා.
ඔහු ඇවිල්ලා ඒ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවක් දෙකක් හැරුණු කොට ඔහු කිසිදු දේශපාලන වේදිකාවක දේශපාලනය කරලා නෑ. ඒක අපි වගකීමෙන් කියන්නේ. ඔහු ස්වාධීන නිලධාරියෙක් හැටියට කටයුතු කළා.
අපට අවශ්‍ය වුණා ඔහුට සාධාරණය ඉටු කරන්න. ඒ නිසා ඔහුට අහිමි වූ සේවා කාලය ලබා දෙමින් නැවත සේවයේ පිහිටුවමින් ඔහුගෙන් රටට ලබාගත යුතු සේවය ගන්න කටයුතු කළා. ඔහු නිර්භීතවත් ඉතාම දක්ෂ ලෙසත් විමර්ශනය සිද්ධ කරනවා. ඔහු කිසිදු වරප්‍රසාදයක් ඉදිරියේ නොනැමෙන දක්ෂ විමර්ශකයෙක්. ඔහුට බොහෝ දේශපාලනඥයෝ බයයි.”
ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව කීය.
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
