October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

“ශ්‍රී ලංකා ක්‍රිකට්” – අනුර ලව් එක තදටම !

1 min read

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා හා ජනාධිපති අනුර දිසානායක අතර පවතින මූල්‍යමය මිත්‍රත්වය තවදුරටත් තහවුරුවෙමින් වර්ධනය වන බව “ශ්‍රී ලංකා ක්‍රිකට්” ආයතන ආරංචි මාර්ග පෙන්වා දේ. මේ වනවිට ද ශම්මි පොරොන්දු වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ගම් පළාත වන අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ ද, හඳුන්නෙත්ති අමාත්‍යවරයාගේ දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ ද ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා පිටි දෙකක් බිහිකර දෙන බවටයි. මේ පිළිබඳව ළඟම සිටි සමීපතමයකු ශම්මිගෙන් විමසා ඇත්තේ, “ඔච්චර පිට්ටනි හදන්න සල්ලි තියෙනවද බන් ? “ කියාය. එහිදී සිනාසුණු මුහුණෙන් පිළිතුරු දී ඇති ශම්මි, “මුන්ට මේවට ඉඩම් වෙන් කරල දෙන්නම අවුරුදු 5 කට වඩා වැඩි කාලයක් ගතවෙනවා ! ඒ නිසා පොරොන්දු වෙන්න බය වෙන්න ඕන නෑ ! “ කියාය.

ආණ්ඩුවේ හා රාජ්‍ය පාලනයේ පවතින අකාර්‍යක්ෂමතාව හොඳින්ම වටහාගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා තම ක්‍රිකට් ආයතනයේ මුදල් මගින් පැලවත්තේ ජ.වි.පෙ. කේඩරයේ සාමජිකයන් පිරිසකගේ දීමනාවන් ද ආවරණය කරන බව වාර්තා වේ. මේ ආදී විවිධ ක්‍රම මගින් ජනාධිපතිවරයා හා තමන් අතර මිත්‍රත්වය හොඳින් පවත්වාගෙන යාමට තමන්ට හැකි වී තිබෙන බව ශම්මි නිතර නිතර තම ව්‍යාපාරික ලෝකයේ මිතුරන් සමග නිතර නිතර පවසන බව අපගේ ආරංචි මාර්ග පවසයි.

දීප්ති කරුණාසේන (මාණ්ඩලික වාර්තාකරු )

UnderGround

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x