November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකාවට හතුරු යෝජනාව ඒකමතිකව සම්මතයි !

1 min read

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් A/HRC/60/L.1/Rev.1 යන අංඅකය යටතේ ශ්‍රී ලංකාවට එරෙහි නව යෝජනාවක් කිසිදු බෙදීමකින් තොරව, ඒකමතිකව සම්මත කරගෙන තිබේ. ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් මෙම යෝජනාව සම්බන්ධව ඡන්දයක් ඉල්ලා සිටීමෙන් වැලකී ඇත.

එම කවුන්සිලයේ 60 වැනි සැසියේ 41 වැනි රැස්වීමේ දී මෙම යෝජනාව සම්මත කරගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ කණ්ඩායමක් (කෝ ගෲප්) ක්‍රියාත්මකව සිටී. එම කණ්ඩායමට අයත් වන්නේ කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය යි. එම රටවල් විසින් පසුගිය සැප්තැම්බර් 10 දින ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව පසුව සංශෝධනය කර ඔක්තෝබර් 01 දින නැවත ඉදිරිපත් කර තිබේ. ඒ වන විට නවසීලන්තය, කොස්ටාරිකාව මෙන්ම යුරෝපීය රටවල් රැසක් අදාළ යෝජනාවට සම-අනුග්‍රහකයින් ලෙස සහය දක්වා ඇත.

ඒකමතිකව සම්මත වූ මෙකී යෝජනාව මගින් බලතල විමධ්‍යගත කිරීම ශක්තිමත් කිරීමට යෝජනා කර ඇති අතර පළාත් සභා මැතිවරණ ද කඩිනමින් පැවැත්වීමට බල කෙරී තිබේ. උතුර සහ නැගෙනහිර ජනතාවට ව්‍යවස්ථානුකූලව හිමිව ඇති බලතල ක්‍රියාත්මක කිරීම ද ඒ මගින් යෝජනා කර ඇත. එමගින් අදහස් වන්නේ අදාළ ප්‍රදේශවල පළාත් සභා සඳහා ඉඩම් බලතල හා පොලිස් බලතල ඇතුළු පූර්ණ බලතල ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවයි.

ජනප්‍රිය පුවත්  රාජකාරී සුපිරියට කරන්න බැටන් පොලු ගෙනෙයි!

මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම් සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණ පවත්වන ලෙස ද මෙමගින් බල කෙරී ඇත.

එමෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කළ යුතු බවත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ඩිජිටල් අයිතිවාසිකම් සුරැකීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත වහාම ප්‍රතිසංස්කරණය කරන ලෙස ද එමගින් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද මෙම යෝජනාව මගින්, තවත් වසර 2 ක කාලයක් ශ්‍රී ලංකාව පිළිබඳව සුපරික්ෂාවෙන් කටයුතු කිරීමට ද මානව හිමිකම් කවුන්සිලය විසින් තීරණය කර ඇත. ශ්‍රී ලංකාව මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරමින්, ඊට එරෙහිව ඡන්දයක් ඉල්ලා නොසිටීම මත, ඉදිරියේ දී ඉමහත් අවාසිදායක ඉරණමකට ශ්‍රී ලංකාව ගොදුරු වනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින්ගේ මතය වී තිබේ.

සුරාජ් කපුකොටුව

Underground

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x