August 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකන් පවුල් පාලනය ?

1 min read

කසුන් පුතා නිසා ගුවන් කාර්ය මණ්ඩලයේ කල්ල මරේ !

ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගුවන් කාර්ය මණ්ඩලයන්ට ගුවන් ගමනකින් නැවත තම මව් රටට පැමිණෙන තුරු විදේශ රටක සීමිත කාලය තුල ප්‍රධාන ආහාල් වේල් ප්‍රමාණය ගණනය කර එක් ආහාර වේලකට USD 10-15 බැගින් මුදලක් හෙවනු ලබයි. විදේශ රටක නවාතැන් නොගෙන අදාළ ගුවන් යානයෙන් නැවත පැමිණීමේදී මෙම දීමනාව හිමි නොවන අතර, ඊට හේතු වී ඇත්තේ එම ගුවන් කාලය පුරාවට නියමිත සියළු ප්‍රධාන ආහාල් වේල් ගුවන් මගීන්ට මෙන් නොව, විශේෂ “Crew Meal” ගුවන් කාර්ය මණ්ඩලයන්ට ද ලබාදීමයි. මෙය ලොව පිළිගත් සෑම ජාත්‍යන්තර ගුවන් සේවාවක්ම තම ගුවන් කාර්ය මණ්ඩලය සම්බන්ධව අනුගමනය කරනු ලබන ප්‍රධාන ආහාර වේල් පිළිබඳ ප්‍රතිපත්තිය වේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය ද මෑතක් වන තුරුම මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ ද, නව පුනරුද” පාලනයේ පැමිණීමෙන් පසු, එම ගුවන් සමාගම මගින් කාර්ය මණ්ඩලය සිය ගුවන් යානය තුළ රාජකාරියේ නියුතු අවස්ථාවන්හි දී එතෙක් ලබා දෙන “Crew Meal” වෙනුවට, ව්‍යාපාරික පංතියේ අති විශේෂ ආහාර වේල් ලබා දෙන ලෙසට, ජනාධිපතිගේ පුත්‍රයා වූ කසුන් හරහා ගුවන් කාර්ය මණ්ඩලය කරන ලද ඉල්ලීම පිළිගෙන තිබේ. එය සිදුවන්නේ ද මෑතක සිට ය.

මෙයින් ද නොනැවතී, සමස්ත ගුවන් සේවා වෘත්තීය සමිති සමග ජනාධිපතිවරයා, පොදුවේ මුණ ගැසුණු ගුවන් කාර්යමණ්ඩල වෘත්තීය සමිතිය” ජනාධිපතිගේ පුත්‍රයාවද ඉදිරියේ තබාගනිමින් පසුගිය දිනක පැලවත්ත JVP ප්‍රධාන කාර්යාලයේ දී විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ. එනම්, තමන්ට ගුවන් යානය තුළ දී ලබා දුන් “Crew Meal” වෙනුවට, වෙනත් කිසිදු ජාත්‍යන්තර ගුවන් සමාගමක් තම ගුවන් කාර්ය මණ්ඩලයට ලබා නොදෙන පරිදි ව්‍යාපාරික පැලැන්තියේ මගීන්ට හිමි අති විශේෂ කෑම වේල ලබා දුන් තීරණයට ස්තූති කරන ගමන්, ඉන්ද නොනැවතී, තමන් ගුවන් ගමන් අතර තුර ගුවන් යානයේ දී ලබාගන්නා ආහාල් වේල් ප්‍රමාණයට නැවත මුදලින්ද (ඇ.ඩො.) වලින් මුදල් ගෙවන ලෙසයි. එනම්, තමන් යම් කිසි අවස්ථාවක ඊළඟ ගුවන් ගමනට සහභාගි වන තුරු වෙනත් රටක හෝටලයක නවාතැන් ගෙන සිටියදී ප්‍රධාන ආහාර වේල් තුන සඳහා ලබා දෙන දීමනාව (USD  10-15 අතර) ගුවන් ගමනකදී ද එලෙසම ලබා දෙන ලෙසයි. දැන් ජනාධිපති අනුර දිසානායක සූදානම් වන්නේ,  පාලනාධිකාරයේ ද අකමැත්ත නොතකා මෙම අරුම පුදුම වරප්‍රසාදය තම පුතුගේ (කසුන්ගේ) ඉල්ලීම නිසා ශ්‍රී ලංකන් ගුවන් කාර්ය මණ්ඩලයට ලබා දීමට ය. කසුන් පුතා සේවයේ නියුතු ගුවන් කාර්ය මණ්ඩලයට මෙලෙස ඉල්ලන ඉල්ලන සන්තෝෂම් මහජන බදු මුදලින් ලබා දෙන්නට ජනාධිපතිවරයා සූදානම් වුවත්, ඔහුගේ දෙවැනි ඉල්ලීම (එනම්, ව්‍යාපාරික පැලැන්තියට දෙන අන්දමේ කෑම වේලක් ගුවන් යානය අතර තුර ලබා දුන්නත්, ඒ සඳහා වෙනම ගෙවීමක්ද කරන ලෙසට කරනු ලබන ඉල්ලීම ) ක්‍රියාත්මකව නොපවතින නිසා පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් කාර්ය මණ්ඩලය අකුරට වැඩ ව්‍යාපාරයක්ද ආරම්භ කළේය. ඒ අනුව, ගුවන් ගමනක් නිමා වීමේදී මගීන් භාවිතා කළ Blanket ඉවත් කිරීම හා Head Seats ඉවත් කිරීම ගුවන් කාර්ය මණ්ඩලය විසින් නවතා දමා ඇත, මේ හේතූන් මත ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර ගණනාවක් ප්‍රමාද වීම පසුගිය කාලවල දිගින් දිගටම සිදු විය.

මෙහිලා විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ, කොවිඩ් වසංගතය පැවැති සමයේ සිට, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අවම වැටුප් ලබන මගී ගමන් මළු මෙහෙයුම් කරනු ලබන සුළු කාර්ය මණ්ඩලයන්ට රාත්‍රී සේවා මුරය තුළ අධික වෙහෙස වී නිදිවර්ජිතව සේවය කරද්දි ලබා දුන් කෙටි ආහාරය (Sandwich | Milk Cup) වත්මන් පුනරුද” ආණ්ඩුවේ පාලනාධිකාරය මගින් වහාම නවතා දමා තිබීමයි. ඒ අයට එසේ සළකන අතර තුර, තම පුතු සේවයේ නියුතු, ඉහළ වැටුප් ගන්නා ජනාධිපති පුත්‍රයාගේ ගුවන් කාර්ය මණ්ඩලයට පමණක් විශේෂ සැළකිලි දැක්වීමට පටන් ගෙන තිබීමයි.

අද තියෙන්නේ නව ආරක පවුල් පාලනයක් ! අනුර – කසුන් එක පවුලක් ! ශ්‍රී ලංකන් – හේලීස් අනිත් පවුල” මේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ආයතවල සේවය කරන සේවකයන්ගේ මුව අග රැදෙන නව පාඨය වී තිබේ.

පළමුව ගැසට් කිරීමේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය ද අමාත්‍ය බිමල් රත්නායකගේ ගුවන් සේවා” විෂය යටතට පත්ව තිබුණ ද පසුව කෙටි කාලයක් තුළ සිදු කෙරුණු නව ගැසට් සංශෝධනයක් මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රවාහන හා ගුවන් සේවා” අමාත්‍යවරයාගේ විෂය පථයෙන් ඉවත් කර ජනාධිපතිවරයාගේ විෂය පථය යටතට පත් කෙරුණි. එහිදී, සහකාර තනතුර සමග අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 4 ක්, ධම්මික පෙරේරාට අයත් හේලීස් සමාගමෙන් පත් කරන ලද අතර, එමගින් කෝටි ප්‍රකෝටි ගණන් මහජන ධනය ගසා කන ආකාරයද UnderGround මගින් ඉදිරියේදී හෙළි කිරීමට නියමිතය. මේ හෙළි කරන ලද්දේ පිය – පුතු” පවුල් පාලනයෙන් කල්ල මරේ” වී ඇති ශ්‍රී ලංකන් ගුවන් කාර්ය මණ්ඩලයේ අරුම පුදුම සන්තෝෂම් පිළිබඳව පමණි.

චතුරිකා දිල්රුක්ෂි

(මාණ්ඩලික වාර්තාකරු)

UnderGround

Share this post with your friends

Leave a Reply

Your email address will not be published. Required fields are marked *