November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

වෘත්තීය සමිති නායකයෝ තට්ටු ගානක ගෙවල් හදනවා! කාමර AC!

1 min read

අනුර කුමාර ඇතුළු කල්ලියේ නවතම නිෂ්පාදනය රැවටීම බව ජ.වි.පෙ. හිටපු නායක සෝමවංශ අමරසිංහ ජීවතුන් අතර සිටියදී චෝදනා කර තිබේ. ඔහු පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සිදුකරන ලද සාකච්ඡාවකදී පවසා සිටියේ, තම පක්ෂයේ සමහර වෘත්තීය සමිති නායකයෝ සටන් අත්හැර දමා ඇති බවත්, ඔවුන් එසේ සිදු කර ඇත්තේ තමන්ගේ පුද්ගලික ඉල්ලීම් ලබාගැනීමට සමත්වීම නිසා බවත්ය.

එක් නායකයකු අනුධාරපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක් ඉදිකර ඇති බවත්, ඒවා ඉදි කිරීමට අවශ්‍ය ටයිල්, සිමෙන්ති ආදී ද්‍රව්‍ය අදාළ වෘත්තීය සමිති පිහිටුවා තිබෙන ආයතනවල ප්‍රධානීන්ගෙන් ලබාගැනීමට මෙම නායකයින් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත. එම නිවසේ කාමර වායු සමීකරණය කර ඇති බව ද ඔහු අනාවරණය කර තිබේ.

සෝමවංශ අමරසිංහ මහතා, 1989න් අනතුරුව ජ.වි.පෙ. නැවත ගොඩනැංවීම සඳහා නායකත්වය ලබා දුන්නේ ය. ඔහු, රෝහණ විජේවීර නායකත්වය ලබා දුන් කාලයේ, එහි දේශපාලන මණ්ඩලය නියෝජනය කළ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකි. 2015න් පසුව ඔහු ජ.වි.පෙ.න් ඉවත් වූ අතර, පසුව ”ජනතා සේවක පක්ෂය” යන නමින් දේශපාලන පක්ෂයක් ද පිහිටවනු ලැබී ය.

ජනප්‍රිය පුවත්  මිලින්ද මොරගොඩගේ "ෆාත් ෆයින්ඩර්" අළුත් වෙස් නැටුම අරඹයි !

ජ.වි.පෙ.න් එළියට ආ ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ ”ජ.වි.පෙ. වන්දනීයයි! හතර දෙනාගේ කල්ලිය නින්දනීයයි! යනුවෙනි. සෝමවංශ අමරසිංහ මහතා ”හතර දෙනාගේ කල්ලිය” ලෙසින් හඳුන්වන ලද්දේ, ටිල්වින් සිල්වා, අනුර දිසානායක, ලාල් කාන්ත හා විජිත හේරත් යන අයයි.

ඉහත දැක්වූ අදහස් ඉදිරිපත් කළ වීඩියෝ පටය මේ සමඟ දක්වා තිබේ.

හිමානි සමරතුංග underground වාර්තාකරු විසිනි

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x