විශ්‍රාමික ”මයිනො” 9ක් පොලීසියට!
1 min read
C.I.D. යේ ප්‍රධානියා බවට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර බඳවා ගත් පරිදි, තවත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරු 9ක් පොලීසියට බඳවා ගැනීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබේ. ඒ අනුව ලබන ජනවාරියේ දී මෙම විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරු බඳවා ගැනීම සිදු කෙරෙනු ඇතැයි වාර්තා වේ.
2026 වසරේදී දැනට සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් රැසක් විශ්‍රාම යාමට නියමිත ය. එසේ විශ්‍රාම යන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අවශ්‍යනම් සේවා කාලය දීර්ඝ කළ හැකි වුවත්, ජනාධිපතිවරයා සූදානම් වන්නේ විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරු අතරින් තම අරමුණට යොදා ගත හැකි 9 දෙනකු පොලිස් දෙපාර්තමේන්තුව තුළට ගෙන ඒමට ය. මේ පිළිබඳව පොලීසිය තුළ බලවත් නොසන්සුන්තාවක් ඇතිව ඇතැයි වාර්තා වේ.
LankaUndergroundNews වාර්තාකරු රාධිකා නම්මුනිගේ
