October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලි බල මණ්ඩලය කඩා විකුණන්නේ කාගේ උවමනාවටද?

1 min read

ඒකාබද්ධ නිදහස් විදුලි සේවක සංගමය විසින් ‘විදුලි පනතට’ එරෙහිව අද (13) දින මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණි.

එහිදී අදහස් දැක් වූ එම සංගමයේ කැඳවුම්කරු මාද්දුගොඩ ගමගේ මහතා, ‘විදුලි බල මණ්ඩලය කඩා විකුණන්නේ කාගේ උවමනාවටද?’ යැයි රජයෙන් ප්‍රශ්න කර සිටියේය.

වැඩි දුරටත් අදහස් දක්වමින්, ‘විදුලි පනත’ පිටුපස ඇති දැඩි අවදානම රට හමුවේ හෙළිදරව් කිරීමට ද ඒ මහතා කටයුතු කරන ලදී.

ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යාල සේවා සමිති සංගමයේ සභාපති, රසික විජේසිංහ මහතා රජයට අවධාරණය කළේ ජාතික සම්පත් විදෙස් සමාගම් වලට විකුණා දමමින් රටේ ස්වෛරීත්වය පාවා දීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවත්, තම සංගමය මහ පොළොවේ එම සටනට සූදානම් බවත් ය.

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x