November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලිය ඇමැතිගේ ගෝලයෝ වෘත්තිය සමිති නායකයාට පහර දෙති !

1 min read

විදුලිය බල ඇමැති කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් අද (13) විදුලි බල අමාත්‍යාංශයේ පැවැති වෘත්තීය සමිති සාකච්ඡාවක දී, පැන නැගී ඇති ගැටලු පිළිබඳ ප්‍රශ්නයක් විමසූ ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ සභාපති ප්‍රියන්ත කරුණාතිලක මහතාට සහ එහි ලේකම් සමින්ද ගමගේ මහතාට ඇමැතිගේ වෘත්තිය සමිති මැරයන් සහ ආරක්ෂක අංශ විසින් පහර දී තිබේ. පහර කෑමට ලක් වූ සමින්ද ගමගේ මහතා කොළඹ මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුල් කර තිබේ.

වෘත්තිය සමිති නායකයින් සමග පැවැති සාකච්ඡාව අතරතුර, විදුලිය බල මණ්ඩලයේ සේවකයන්ට හා පාරිභෝගිකයන්ට එම ආයතනය කොටස් 4 කට කඩා පෞද්ගලීකරණය කිරීමෙන් පසුව මුහුණ දෙන්නට සිදු වන අභාග්‍යසම්පන්න තත්ත්වය පිළිබඳව මෙහිදී ගමගේ මහතා විසින් ප්‍රශ්න කර තිබේ. ඒ පිළිබඳව උරණ වූ ජ.වි.පෙ. වෘත්තිය සමිතියේ නායකයන් සහ ආණ්ඩුවට හිතවත් තවත් වෘත්තිය සමිති කිහිපයක නායකයන් සමින්ද ගමගේ මහතාට පහර දී එම ස්ථානයෙන් එලියට ඇදගෙන විත් තිබේ.

මෙම සිදුවීම තම ජංගම දුරකතනය මගින් වීඩියෝ කරන ලද ප්‍රියන්ත කරුණාතිලක මහතාට ද පහර දී එලියට ඇදගෙන පැමිණි එම මැරයන්, පසුව ඔහුට තර්ජනය කර සියළු පටිගත කරන ලද වීඩියෝ දර්ශන මකා දමා තිබේ.

ජනප්‍රිය පුවත්  ජ.වි.පෙ. ඇතුළේ කචල්

පසුව, සමින්ද ගමගේ මහතාව ගිලන් රථයක් මගින් කොළඹ මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට එම වෘත්තිය සමිතියේ සභාපතිවරයා කටයුතු කර ඇත.

රන්දුනු කීර්තිගේ

Underground

Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Saliya Vithanage
Saliya Vithanage
1 month ago

Redde punaruda anduwa

Nelum Geethika
Nelum Geethika
1 month ago

මේවා ගැන අද මාධ්‍යයත් නිහඬයි.

2
0
Would love your thoughts, please comment.x
()
x