January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලියබල මණ්ඩලය කෑලි 6කට කඩා විකුණන පණතට සහය ගන්න පාටි පිට පාටි

1 min read

විදුලියබල මණ්ඩලය කෑලි 6කට කඩා විකුණන පණතට සහය ගන්න පාටි පිට පාටි  

ජාත්‍යන්තර කම්කරු සංවිධානය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ හා බලශක්ති අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද විදුලිය බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයන් සඳහා පවත්වන ලද විශේෂ වැඩමුළුවක් පසුගිය දා වාද්දුව සිට්‍රෙක් හෝටලයේදී පවත්වා තිබේ. ඒ පිළිබඳ සියළු සංවිධාන කටයුතු මෙහෙයවා ඇත්තේ ජ.වි.පෙට අයත් විදුලිය වෘත්තීය සමිතිය මගිනි. මෙහිදි වෘත්තිය සමිති නායකයන් ලෙස සේවකයන් ලෙස මෙම නව පණත දෙස බලන මෙන් සම්පත් දායකයින් විසින් ඉල්ලීම් කර තිබේ.

වැඩමුළුව නිමාවීමෙන් පසුව, සියළු වෘත්තීය සමිති නායකයින් ඇති පදමට මත් පැනින් සප්පායම් වීමට හා හෝටලයේ නාන තටාකයේ නාන්නට ද අවස්ථාව හිමිව තිබේ.

බීමත්ව මැදියම් රෑ වන තුරු කකා බිබී නැටූ වෘත්තීය සමිති නායකයෝ පසුව පිටත්ව ගොස් ඇත. වාද්දුව සීට්‍රෙක් හෝටලය අයත් වන්නේ, සර්වජන බලය පක්ෂයේ නායක, දිලිත් ජයවීර මහතාට ය. 

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x