March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වැලි කොට්ට බැම්මක් අසලින් ප‍්‍රපාතයට යන්න ගිය බසය නූලෙන් බේරෙයි !

1 min read

වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදි (01) දින අඩි 50ක් පමණ ප්‍රපාතයට පෙරලීමට ගිය අවස්ථාවේ එම බස් රථයේ රියදුරු විසින් බස් රථයේ අත්තිරිංග භාවිතා කරමින් බස් රථය නතර කර ගැනීමට සමත් වී ඇති බව වලපනේ ඩිපෝවේ ධාවනය කළමණාකාර බණ්ඩාර මහතා පැවසීය.


දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ එම මාර්ගයේ අධික වංගුවක් සහිත ස්ථානයකදී බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය අනතුරට පත් වී ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් අප එම බස් රථයේ රියදුරුවන සමන් තිලකසිරි (48) මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ,

“අද උදේ බස් රථය නිල්දණ්ඩාහින්නේ ඉදලා තෙරිපැහැ දක්වා බස් රථය ධාවනය කරවන අවස්ථාවේ එම මාර්ගයේ රාසින්ගොල්ල ප්‍රදේශයේ පළවෙන් වංගුවේදි ඩෝං ගාලා සද්දයක් ආවා. මම ටක්ගාලා අත්තිරිංග තද කරලා බස් රථය නතර කර ගත්තා. බස් රථයට පහළින් අඩි 50ක් පමණ ප්‍රපාතයෙන් රුපහ මාර්ගය පේනවා. බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථයේ මගීන් 40 දෙනෙකු පමණ ගමන් කරා. මම බස් එක නතර කරලා බැහැලා බලනකොට බස් එකේ ජොයින්ට් එක දෙකට කැඩිලා තිබුණා. බස් එකේ ඉන්න කට්ටිය බස්සවලා මම ඒ පිලිබදව ඩිපෝවට දැනුම් දුන්නට පස්සේ ඩිපොවෙන් ඇවිල්ලා අලුතින් ජොයින්ට් එකක් දාලා බස් එක ගත්තා. බස් එක ගන්නකම් මාර්ගය අවහිර වෙලා තිබුණේ. මම අවුරුදු 15ක් පමණ රියදුරෙකු වශයෙන් වලපනේ ඩිපෝවේ සේවය කරනවා. මම කෑගල්ලේ අවිස්සාවේල්ල පාරේ. මම දෙදරු පියෙක්. බස් රථය අනතුරට පත් වුණ ස්ථානය දිට්වා සුලි කුණාටුවෙන් නාය ගිය ස්ථානයක් මාර්ග තාම හරියට හදලා නැ. එම මාර්ගයේ බස් රථ ධෘවනය කරන්න හරි අමාරුයි.” යනුවෙන් පැවසීය.

ජනප්‍රිය පුවත්  පොලිස්පතිගෙන් ආරක්ෂාව ඉල්ලුවත් ලැබුණේ වෙඩි ප්‍රහාරයයි!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x