October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

වැලිකඩ තදබදය අඩුකරයි! මහින්ද ඇතුළු බර ගානක් හිරේ දාන්න සූදානම්!

1 min read

වැලිකඩ හිර ගෙදර සිරකරුවන්ගේ තදබදය අඩු කිරීම සඳහා එහි සිටින සිරකරුවන් 200ක් පමණ වෙනත් බන්ධනාගාර වෙත වහාම යොමු කරන මෙන් ජනාධිපතිවරයා විසින් බන්ධනාගාර ප්‍රධානීන් වෙත නියෝග කර තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ වැලිකඩ හා මැගසින් බන්ධනාගාරවල සිරකරුවන් සැලකිය යුතු පිරිසක් දිවයිනේ වෙනත් ප්‍රදේශවල පිහිටා ඇති සිරගෙවල් සඳහා මාරු කර යැවීමට බන්ධනාගාර ප්‍රධානීන් කටයුතු සූදානම් කරමින් තිබේ.

මෙලෙස වැලිකඩ හා මැගසින් බන්ධනාගාර තුළ වන සිරකරුවන්ගේ තදබදය අඩු කිරීමට පියවර ගනු ලබන්නේ ඉදිරි කාලය තුළ ප්‍රධාන දේශපාලනඥයන් රැසක් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේ අරමුණින් බව පැවසේ.

වහාම සිරගත කිරීමට අපේක්ෂා කරන දේශපාලනඥයන්ගේ හා පුද්ගලයන්ගේ නාම ලේඛනය තුළ මහින්ද රාජපක්ෂ, ශිරාන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, සජිත් ප්‍රේමදාස, ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල , මහින්ද යාපා හා ලක්ෂ්මන් යාපා යන අයගේ නම් ඉහළින්ම ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අප වෙත දැන ගැනීමට ලැබී තිබේ.

මෙම වසර අවසන් වීමට පෙර රාජපක්ෂවරු සිරගත කිරීමට ජනාධිපතිවරයා ජර්මනියේ සිදුකළ සංචාරයේදී LTTE ඩයස්‌පෝරාවට සහතික වී තිබේ. ඔහු ජර්මනියේ සිට පැමිණි වහාම ශිරන්ති රාජපක්ෂගේ වැඩිමල් සහෝදරයා වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ද ඒ අනුව බව තතු දත් ආරංචි මාර්ග පවසයි. 

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x