වසන්තගේ පොත !
1 min read
අමාත්‍ය වසන්ත සමරසිංහ අතේ තියෙන්නේ පොතකි. එය නිකම්ම නිකන් පොතක් නොව ආර්ථික විද්‍යාවට අදාළ වන්නා වූ පොතකි. එසේ මෙසේ පොතක් නොව ඇඩම් ස්මිත් සහ ජාතීන්ගේ ධනය ගැන කියැවෙන පොතකි.
අමාත්‍ය සමරසිංහ මෙම පොත පෙරලමින් බලනු ඇත්තේ තමන් උපයාගත් කෝටි ගණනක ධනය ගැන ද මෙහි සඳහන්ව ඇත්දැයි කියා ය. දුම්රියේ වඩේ විකුණා කෝටිපතියකු වීමට ඇති මග මේ පොතෙන්ද පෙන්වා දී තිබේද කියා ය.
පොල් ගහට හිටුවා අටවා ගත් අට්ටාලයක “ටියුෂන්” පන්ති පවත්වා කෝටිපතියකු වීමට 76 අවුරුදු ශාපය උදා කර දුන් වාසනාව ගැන ද මේ පොතේ ලියැවී ඇත්දැයි ඇමැති වසන්ත විමසා බලනු නිසැක ය.
හිතවත් වසන්ත, ඔබ සමග සැසඳීමේ දී ඇඩම් ස්මිත් දන්නා බම්බුවක් නැත. ඒ හාදයා දන්නේ “ජාතීන්ගේ ධනය” ගැන මිස “වෘත්තීය සමිති නායකයකුගේ” ධනය ගැන නොවේ. එබැවින් ඔය පොතෙන් ඔබට උගැනීමට දෙයක් නැත. කරුණාකර ඔබේ පොත ඔබම ලියන්න ! පසුව එය ඔබම පෙරලන්න ! ඔබ පෙරලන පොත දෙස ආශාවෙන් බලා සිටීමට ලාංකීය නිර්ධන පන්තිය මෙන්ම කම්කරු පන්තිය සූදානමින් සිටිති.
අපට ඔබ වෙනුවෙන් පැවසීමට ඇත්තේ මෙපමණකි.
“සකල ශ්‍රී ලංකා වාසී කම්කරුවනි, වසන්ත සහෝදරයාගේ “ධනයේ උල්පත ; කම්කරුවා !” පොත කියවව් ! කෝටිපතියෙක් බවට පත් වව් !!”
