වත්කම් නිවැරදි කරන්න දින 10ක්!
1 min read
ආණ්ඩුවේ මැති – ඇමතිවරු ලබා දී තිබෙන වත්කම් ප්‍රකාශ හි පවතින බරපතළ අඩු පාඩු හා දුර්වලතා නිවැරදි කර ගැනීමට දින 10ක කාලයක්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම විසින් ලබාදී තිබේ.
බිමල් රත්නායක අමාත්‍යවරයාගේ වත්කම් ප්‍රකාශය හා ඔහුගේ බිරිඳ සමන්මලී ගුණසිංහගේ වත්කම් ප්‍රකාශය සමාන විය යුතු වුවත්, එම දෙදෙනාගේ වත්කම් ප්‍රකාශ එකිනෙකට පරස්පර ය. එමෙන්ම සමන්ත විද්‍යාරත්නගේ වත්කම් ප්‍රකාශය තුළ ඉඩම් තම අයිතියට නැති බව පවසා ඇතත්, ඉඩම් බදු දීමෙන් ලැබෙන ආදායමක් දක්වා තිබේ.
මෙබදු පරස්පරතා බොහෝ වත්කම් ප්‍රකාශනවල දක්නට ඇති බැවින් ඒවා නිවැරදි කර නැවත ලබා දීමට දින 10ක කාලයක් ලබාදී ඇත. ඊට හේතුව වී ඇත්තේ වැරදි සහිත වත්කම් ප්‍රකාශ ලබාදීම බරපතළ දඬුවම් ලැබීමට හේතුවන බැවිණි.
ගමිදු හපුතන්ත්‍රි underground වාර්තාකරු