October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

වටගල ට සැපේ සැප!

1 min read

වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පසුගිය දිනවල කොළඹ සිනමන් ලයින් නිවාස සංකීර්ණයේ අධි සුඛෝපභෝගී නිවසක් (අපාර්ට්මන්ට්) මිල දී ගෙන ඇතැයි සමාජ මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ.

වටගල මහතා මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 350,450.00 යන මිල පරාසයට අයත් ඉහළ වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවසකි. මිල දී ගැනීමෙන් පසු පැය 24ක් ඇතුළත, අදාළ නව නිවස නවීන ගෘහ භාණ්ඩ වෙතින් අලංකරණය කිරීමට ද ඔහු කටයුතු කර තිබේ. ඒ සඳහා ද රුපියල් මිලියන 5ත් 10ත් අතර මුදලක් වියදම් කර ඇතැයි ද වාර්තා වේ.

ඒ අනුව, නියෝජ්‍ය අමාත්‍යවරයා ජීවත්වන්නේ ද, සාද පවත්වන්නේ ද, වෙනත් ගනු දෙනු හා සබඳතා පවත්වන්නේ ද මෙම නිවස තුළ බව අදාළ සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම නිවාස සංකීර්ණයේ රථ ගාල තුළ නියෝජ්‍ය අමාත්‍යවරයා‌ගේ ඩිපෙන්ඩර් වර්ගයේ රථ 2ක් නතර කර තිබීම සුලබ දර්ශනයක් බව ද පැවසේ.

කෙසේ වෙතත්, වටගල ඇමතිවරයාගේ වත්කම් – බැරකම් ප්‍රකාශයේත් මෙම නිවස පිළිබඳ විස්තර ඇතුළත් කර නැත. රුපියල් කෝටි 35-45 අතර මුදලක් ඔහුට ලැබුණේ කෙසේද යන්න අපැහැදිලි ය. නිර්ප්‍රභූ දේශපාලනය විකුණා ගනිමින් බලයට ආ පිරිසක්, වසරක් ඇතුළත ප්‍රභූ ජීවිතය ද ඉක්මවා යන ‘‘සැප“ හිමිකර ගැනීම කවර වර්ගයේ පරිවර්ථනයක් දැයි මේ පිළිබඳව මත ඵල කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු ප්‍රශ්න කර සිටිති.

තිවංක සිරිවර්ධන underground වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x