January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලන්ඩනයේදී ටිල්වින් හමු වූ ‘කොටි’ මෙන්න !

1 min read

පසුගියදා තම පක්ෂයේ මිය ගිය වුන් සැමරීම පිණිස ලන්ඩනයට ගිය ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතිශය රහසිගත ලෙස කොටි සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් හමු වී තිබේ. දෙමළ බෙදුම්වාදය දිනවීම සඳහා ඉවහල් වන බවට චෝදනා කරමින්, 1987 අත්සන් කළ ඉන්දු – ලංකා ගිවිසුමට හා එමගින් බිහි කළ 13 වැනි සංශෝධනය හා පළාත් සභා ක්‍රමයට එරෙහිව සටන් කර ජීවිත අහිමි වූ සිය පක්ෂයේ නායකයා ඇතුළු සාමාජිකයන් සැමරීමට ගොස් හොර රහසේ කොටි ත්‍රස්තවාදීන් මුණ ගැසීම බලවත් විමතියට කරුණක් බව පැහැදිළිය.

ලන්ඩනයේ පිහිටි කොටි හිතවාදීයකුට අයත් හෝටලයක දී ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා හා එංගලන්තයේ ප්‍රධානියා (දර්ශන නැමති හීරළුවෙකි) මුණ ගැසී ඇති කොටි ප්‍රධානීන් වන්නේ, වීරාජා රාම්රාජ් නොහොත් ‘‘කුඩු මුස්තාෆා“ යනුවෙන් හඳුන්වනු ලබන්නා සහ රාජ්සින්ග්හම් ජයදේවන් නැමැති ලන්ඩනයේ පිහිටි ‘‘ඊලපතිශ්වාර්“ කෝවිල හෙවත් ‘‘ඊලාම් කෝවිල“ (” Eelam Temple”) හිමිකරුවා ය.

මෙම වීරාජ් රාම්රාජ් මත්ද්‍රව්‍ය ජාවාරම් කොට අත්අඩංගුවට පත්ව වසර 2ක පමණ කාලයක් සිරගත කොට දඬුවම් ලද පුද්ගලයකි. කොටි සංවිධානයට අවශ්‍ය අරමුදල් තර කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීම ඔහුගේ ප්‍රධාන කාර්යය වී තිබේ.

ජනප්‍රිය පුවත්  වසර 150ක ඉතිහාසයේ පළමු වතාවට නිල ඇඳුමෙන් මරු ගැහිල්ලක්!

රාජසිංහම් ජයදේවන් ”ඊළාම් කෝවිල” පවත්වාගෙන යන්නේ ද එහි එක් රැස් වන ආදායම කොටි අරමුදලට බැර කිරීම පිණිස ය. මෙම සාකච්ඡාවට සහභාගී වූ සෙසු පුද්ගලයින් ඉහත කී දෙදෙනාගේ ගෝලයන් බව පැවසේ.

වමේ සිට – දර්ශන, වීරාජ් රාම්රාජ් හෙවත් කුඩු මුස්තාෆා සහ රාජසින්ග්හම් ජයදේවන් හෙවත් ඊළාම් කෝවිලේ හිමිකරු

මෙම සාකච්ඡාවේදී 13 වැනි සංශෝධනය කඩිනමින් පූර්ණව බලත්මක කිරීම පිළිබඳව හා උතුර හා නැගෙනහිර පළාත් තුළ පවත්නා පුරාවිද්‍යා ස්ථාන ඉවත් කිරීම (ගැසට් නිවේදන අවලංගු කිරීම) පිළිබඳව ද සාකච්ඡා කර ඇත. පැය 3කට වැඩි කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාව සතුටුදායක වූවක් බව පසුව කොටි ප්‍රධානීන් තම අනුගාමිකයන් දැනුම්වත් කර තිබේ.

මේ සමග ඵලකර ඇත්තේ අදාළ සාකච්ඡාවේ ඡායාරූපයයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x