October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ලං.වී.ම. විකුණන්නේ නැතැයි දිවුරා බලයට ආ ආණ්ඩුව මෙන්න කෑලි කෑලි සමාගම් කරන අයුරු!

1 min read

ලං.වී.ම. කෑලි ‘‘6“ කට කඩා වෙන වෙනම සමාගම් 6කට කොටස් කර පසුව එය කොටස් වෙළඳපොළට නිකුත් කර පුද්ගලීකරණය කිරීමේ සැළැස්ම ඇතිව දැනටමත් එයින් සමාගම් 4ක් සමාගම් රෙජිස්ටාර් යටතේ ලියාපදිංචි කර තිබේ.  පහත දැක්වෙන්නේ එම ලියාපදිංචි කිරීමට අදාළ සහතිකයි.

ඒ අනුව පළමුව රාජ්‍ය සමාගම් ලෙස කෑබැලිකරණය කෙරෙන ලං.වී.ම. පසුව වෙන වෙනම කොටස් වෙළඳපොළට ඉදිරිපත් කර පුද්ගලීකරණය කිරීමට නියමිතය.

පසුගිය ජනාධිපතිවරණයට පෙර ජ.වි.පෙ. වෘත්තීය සමිති මෙම පණත ගිණි තැබූ අතර, පාර්ලිමේන්තුව තුළ සිටි ජ.වි.පෙ. මන්ත්‍රීවරු තිදෙනා පමණක් මෙම පනත ඡන්ද විමසීමට භාජනය කරන අවස්ථාවේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මේ වන විට, විවිධ වෘත්තීය සමිති එක්ව මීට එරෙහිව විරෝධතා ක්‍රියා මාර්ග ආරම්භ කර ඇතැයි ලං.වී.ම. ආරංචි මාර්ග පෙන්වා දේ.

කණිෂ්ක වීරසිංහ

UNDERGROUND

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x