January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රුසියාවෙන් තෙල් ගත්තට ඉන්දියාවට ඇමෙරිකාවෙන් බදු!

1 min read

රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉන්දියාවට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. රුසියානු තෙල් ගැටලුවේදී ඉන්දියාව සහාය නොදක්වන්නේ නම්, ඉන්දියානු භාණ්ඩ සඳහා පනවන බදු ඉතා ඉක්මනින් ඉහළ නැංවීමට තමන් සූදානම් බව ඔහු පවසයි.

ජනවාරි 4 වනදා මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් පැවසුවේ, “ඔවුන් (ඉන්දියාව) මාව සතුටු කිරීමට උත්සාහ කළා… අගමැති මෝදී ඉතා හොඳ පුද්ගලයෙක්. මා අසතුටින් සිටින බව ඔහු දැන සිටියා,” යනුවෙනි.

ඉන්දියාවේ වෙළඳ කටයුතු සම්බන්ධයෙන් තමන්ට ඉතා ඉක්මනින් බදු ඉහළ දැමිය හැකි බවත්, එය ඉන්දියාවට අහිතකර ලෙස බලපානු ඇති බවත් ඔහු අවධාරණය කළේය.

ඉන්දියාව දැනටමත් ඇමරිකාවෙන් 50%ක පමණ බදු බරකට මුහුණ දී සිටින අතර, මෙයින් අඩක් පනවා ඇත්තේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට දඬුවමක් ලෙසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x