October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

රවීත් ආණ්‍ඩුවේ! නඩුත් ආණ්ඩුවේ!

1 min read

මත්පැන් පානය කර රජයේ වාහනයක් පදවමින් රිය අනතුරක් සිදුකර තවත් වාහන කිහිපයකට අලාභ සිදුකිරීම පිළිබඳව 2023 ඔක්තෝබර් 28 දින අත්අඩංගුවට ගනු ලැබූ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ ජාතික ජන බලවේගයට අනුබද්ධ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී, රවී සෙනවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබුණි.  එම චෝදනා වූයේ බීමත්ව රිය පැදවීම, බීමත්ව රිය පදවමින් අනතුරක් සිදුකිරීම මගින් තවත් වාහන කිහිපයකට අලාභාහානි සිදුකිරීම, අනතුරක් වළක්වා නොගැනීම යන්නයි.

මෙම නඩුවට එරෙහිව රවී සෙනවිරත්න විසින් මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ අතර 2024 දෙසැම්බර් මසදී එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලදී.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ රවී සෙනවිරත්න තමාගේ නඩුව තමන්ට ඕනෑ පරිදි විභාග කරවා ගැනීම පිණිස ගල්කිස්ස මහේස්ත්‍රාස්තුමියව කැස්බෑව මහේස්ත්‍රාත් ලෙසට මාරුකර යවා කොළඹ අලුත් කඩේ අංක 03 මහේස්ත්‍රාත් ලෙස සිටි පසන් අමරසේන මහතාව ගල්කිස්ස උසාවියට පත් කරගෙන තිබේ.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින්  අභියාචාර්යාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවරන නඩුකරය වෙනත් අධිකරණයට මාරු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවී සෙනවිරත්න විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.  බලය ලබාගැනීමට පෙර ජ.වි.පෙ. නායක අනුර දිසානායක ප්‍රකාශ කළේ කිසිම ආකාරයකින් නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමට ඉඩ නොතබන බවත් එවැනි ඕනෑම ක්‍රියාවක් තමන්ගේ පාලනයක් යටතේ වළක්වනු ලබන බවත්ය. එහෙත් දැන් සිදුවන දේ අනුව පෙනී යන්නේ ඒවා හුදු කතා මිස යථාර්ථයේ වන භාවිතයන් නොවී ඇති බවයි.

පුබුදු පෙරේරා underground වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x