රනිල්ව රිමාන්ඩ් කළ නිලුපුලීටත් ”හයිකෝට්” වරම්! ජ්‍යෙෂ්ඨයන් කැපේ! විනිසුරන් තැතිගනී!
1 min read
මහාධිකරණයට උසස්වීම් ලබා දෙන විනිසුරන් 25 දෙනාගේ ලැයිස්තුව මේ වන විට අගවිනිසුරු සහ ආණ්ඩුවේ ඉහළ ප්‍රධානීන් එක්ව සකස් කර ඇති අතර, ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටින හා චෝදනා රහිත විනිසුරුවරුන් ගණනාවක් එම නාම ලේඛනයට ඇතුලත්ව නැතැයි අධිකරණ ආරංචි මාර්ග වාර්තා කරයි. මෙහි විශේෂත්වය වන්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් මෙම 25ට ඇතුළත්වීමට හැකියාව නොමැති, පසුගියදා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ තීන්දුව මහ රෑ 11ට පමණ ලබා දුන් නිලුපුලී ලංකාපුර නීතිඥවරිය ද මෙම උසස්වීම් ලැබෙන නාම ලේඛනයට ඇතුළත්ව තිබීම යි. මහෙස්ත්‍රාත් අධිකරණ අංක1 කටයුතු කළ තනුජා ලක්මාලි විනිසුරුවරිය ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටිය ද, කිසිදු චෝදනාවකට ලක්ව නොසිටියද, ඇයගේ නම මෙම උසස්වීම් ලබන නාමලේඛනයට ඇතුළත්ව නැත. එපරිද්දෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් ගණනාවකගේ නම් ඊට ඇතුළත්ව නැත.
මහෙස්ත්‍රාත් අධිකරණ 1 විනිසුරුවරිය ලෙස කටයුතු කළ තනුජා ලක්මාලි විනිසුරුවරියට, මීට පෙර සම්මුඛ සාකච්ඡාවකදී අගවිනිසුරුවරයා විසින් තදබල ලෙස දෝෂාරෝපණය කර තිබේ. ඊට හේතුව වී ඇත්තේ ඇය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම විසින් හෝ රහස් පොලීසිය විසින් හෝ අධිකරණය හමුවට පමුණුවන ලද ඇතැම් චූදිතයන්ට ඇප ලබා දීමට ක්‍රියා කිරීමය. මහෙස්ත්‍රාත් අධිකරණ අංක 01 සිට එම විනිසුරුවරිය මේ සිදුවීමෙන් පසුව මහර උසාවියට මාරු කරන ලද අතර, මහෙස්ත්‍රාත් උසාවි අංක 01ට ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ හා කලක් වත්මන් අධිකරණ ඇමතිවරයාගේ කණිෂ්ඨ නීතිඥයකු ලෙස කටයුතු කරන ලද බෝදරගම නැමති විනිසුරුවරයා නම් කර ඇත.
නිලුපුලී ලංකාපුර මහාධිකරණයට උසස්වීම් ලැබීමෙන් පසුව, එම අධිකරණයට පත්කිරීමට තීරණය කර තිබෙන්නේ මේ වන විට ගල්කිස්ස උසාවියේ විනිසුරුවරයකු ලෙස කටයුතු කරන පසන් නැමැත්තාය . ඔහු වත්මන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කුළුපග මිත්‍රයෙකි. රංග දිසානායක (අල්ලස හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්) ගේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සඳහා වූ ඉල්ලීම ඇතුළත් ලිපිය හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත රැගෙන ගොස් ඇත්තේ ද මෙම විනිසුරුවරයා විසිණි.
කෙසේ වෙතත්, දරුණු භිෂණකාරී තත්වයක ගොදුරු බවට පත්ව ඇති අධිකරණ විනිසුරන් මෙම තත්වය හමුවේ කිසිවක් කර කියා ගත නොහැකි අසරණ තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. විපක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකු අධිකරණය කෙරෙහි බලා පා ඇති මෙම භිෂණකාරී තත්වය පිළිබඳව මුනිවත රැකීමද ඔවුන්ගේ කනස්සල්ලට හේතුවී ඇති බව පැවසේ.
නවීන් පත්මශාන්ත underground වාර්තාකරු
[…] […]