රංග දිසානායක කතා වස්තුව II
1 min read
ගියවර ‘කතු වැකිය‘ තුළින් ද අප සාකච්ඡා කළේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ රංග දිසානායක මහතාගේ ‘අදූෂිත‘ කල්ක්‍රියාව පිළිබඳව ය. එම සුවිශේෂී තොරතුරු අනාවරණය වීමත් සමග ඒ මහතා විශේෂයෙන් UnderGround පිළිබඳව සොයා බලන්නට වූ බව අපට දැනගැනීමට ලැබිණි. UnderGround අප මෙය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ නීතියට අභියෝග කරන්නට නොව, නීතියේ ආධිපත්‍යය තමන් වටා පතුරුවාගෙන සිදු කරන ඇතැම් නීති විරෝධී හා සදාචාර විරෝධී අකටයුතුකම් රටට හෙළි කර සිටීමට ය. රංග දිසානායක මහතා සම්බන්ධයෙන් ද අපගේ ප්‍රතිපත්තිය එසේම වේ.
පසුගිය කතුවැකිය: රංග දිසානායකගේ ඇත්ත හෙළුව

වර්තමාන අල්ලස් හෝ දූෂණ පිළිබඳ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කිරීමට පෙර, රංග දිසානායක මහතා කලක් සේවය කළේ පුත්තලම මහෙස්ත්රාකත් විනිසුරුවරයා වශයෙනි. එකළ ඔහුගේ පෞද්ගලික ලිපිනය සදහන් වූයේ කඩුවෙල, මාලඹේ පිහිටි නිවසකි. නිවසේ සිට පාසැලට පීහිටා ඇති දුර අනුව සලකා බැලුවත්, සේවා ස්ථානය වූ පුත්තලමේ සිට කොළඹ රාජකීය විද්‍යාලයට පිහිටා ඇති දුර අනුව බැලුවත්, මෙකල රංග දිසානායක මහතාගේ පුතකුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ නීත්‍යානුකුල හැකියාක් නොවේ. ඊට අදාළ චක්‍රලේකනය තුළද අධිකරණ විනිසුරුවරුන්ගේ දරැවන්ට විශේෂ ලකුණු ලබා දෙනු ලබන ක්‍රමයක් ද ඇතුළත් කර නොතිබීම මීට හේතුවයි.

ඒ කුමක් වුවත්, මෙකළ රංග දිසානායක විනිසුරුවරයාගේ පුතකු කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ භාග්‍යය හිමිකර ගත්තේ ය. ඒ කවර අයුරකින්ද? චක්‍රලේකනයට අනුකූලවද? චක්‍රලේකනයට අනුකූලවනම් එය එසේ කිසිසේත්ම සිදුවිය නොහැක. එසේනම්, මෙය සිදු වූයේ කෙසේද? අප කළ අභ්‍යන්තර විමර්ශන අනුව නම්, මෙය සිදු වී ඇත්තේ එකළ අධ්‍යාපන අමාත්‍යවරයාව ක්‍රියා කළ බන්දුල ගුණවර්ධන ඇමැතිගේ ඍජු මැදිහත්වීම මගිනි. ඔහු විසින් ජාතික පාසලේ අධ්‍යක්ෂකවරයා මගින්, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙත යොමු කරන ලද ලිඛිත නියෝගයක් ඔස්සේ රංග දිසානායක විනිසුරුවරයාගේ පුතකුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගෙන තිබේ. මෙය, නීතිය අවභාවිතාවේ යෙදවීමක් නොවේද? බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් නොවන්නේද? දරුවන් පාසැලට බදවා ගැනීමේ චක්‍රලේකනයේ සඳහන් නොවන ”විශේෂිත” ආකාරයකට, එවකට විෂය භාර අධ්‍යාපන ඇමතිවරයාගේ සියළුම අනුග්‍රහය ලබාගෙන තම දරුවා කොළඹ අධි – වරප්‍රසාදිත පාසැලකට ඇතුළත් කර ගැනීමට ක්‍රියා කිරීම රාජ්‍ය සේවකයකුගේ නිවැරදි ආදර්ශමත් ක්‍රියා පටිපාටිය සමග එකඟ වන්නක් ද? රංග දිසානායක මහතා පියකු වශයෙන් නොව, වත්මන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ ‘සර්වබලධාරී” අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ, ඔහු මීට වඩා ”සුළු” යැයි මතුපිටින් පෙනෙන වැරදි ”බරපතළ” ලෙස හුවා දක්වා සෙසු රාජ්‍ය සේවකයන් හා නිලධාරීන් මෙන්ම දේශපාලඥයන් අරඹයා ක්‍රියා කරනු ලබන නිසාය.

වාර්තාවන අන්දමට, 2025 වසර සඳහා ආණ්ඩුව අය – වැය මගින් වෙන් කරන ලද සංවර්ධන මුදලින් 25% ක තරම් ප්‍රමාණයක්වත් මේ දක්වා වැය කර නැත. දැන් ගතවෙන්නේ 2025 අගෝස්තු මාසයයි. සැප්තැම්බර් මාසයේදී උදාවන්නේ ජනාධිපතිවරයාගේ පළමු පදවි ප්‍රාප්ති සමයයි. සැප්තැම්බර්, ඔක්තෝබර් හා නොවැම්බර් යනු අළුතෙන් ව්‍යාපෘති ඇස්තමේන්තු කර මුදල් යොදවන කාර්තුවක් නොවේ. 2026 අය – වැය ට නිලධාරීන් අවධානය යොමුකරනු ලබන කාලයයි. රජයේ අය – වැය මගින් ප්‍රාග්ධන වියදම් (එනම් සංවර්ධන කටයුතු සදහා) වෙන් කරන ලද මුදලින් 25% කට අඩු ප්‍රමාණයක් පමණක් වැය කිරීමට කිසියම් වසරකදී කිසියම් ආණ්ඩුවකට සිදු වූයේනම්, එකී ආණ්ඩුව දරුණු අකාර්යක්ෂමතාවයක ගිලී තිබෙන අණ්ඩුවක් බව අපට පිළිගැනීමට සිදුවේ. ඒ අනුව ගත් කළ මේ ආණ්ඩුව අකාර්යක්ෂම බවේ ගිලුණු පාලනයකි. ඊට බලපා ඇති ප්‍රධානතම හේතුව නම්, සෑම රාජ්‍ය සේවකයෙකුම ”හොරෙක්” ලෙස දකින අසනීපයක් මේ ආණ්ඩුවේ සියලු දෙනාටම පාහේ වැළදී තිබීම යි. එවිට සිදුවන්නේ, නිකරුනේ ”හොරෙක්” ලෙස ලේබල්ගතවීමට තිබෙන අවධානම ගැන පමණක් සිතමින් රාජ්‍ය සේවකයා දරුණු ආරක්ෂණවාදී ක්‍රියා පිළිවෙතකට අනුව කටයුතු කරන්නට පෙළඹීමයි. අනිත්මට වැඩත් නැත! වැඩ නැති නිසා හොරුත් නැත! ලෙඩා මලාට බඩ සුද්දය.! රංග දිසානායකලා තම දරුවා කවර හෝ පාරකින් කොළඹ රෝයල් විද්‍යාලයට දාගත්තත්, ඒවා ගැන විමර්ශන නැත.! එහෙත්, රංග දිසානායක DGලාගේ දඩු අඩුවට හසුව සිටින රාජ්‍ය නිලධාරීන් දැන් වැඩ කරන්නේ ”ලෙඩා මලත් වඩ සුද්දයි” යන ප්‍රතිපත්තිය මත පිහිටා ය.
මේ නිසා රජයේ සංවර්ධන වියදමින් අඩුම ප්‍රතිශතය වියදම් කරන ලද වසර බවට 2025 වසර වාර්තා ගත වුවහොත් අප පුදුම විය යුතු නැත. ඒ වාර්තාව වෙනුවෙන් අත් පොළොසන් නැගීමට ආණ්ඩුවේ ඩෝබිලාට හැකියාවක් තිබේ.
පසුගිය කතුවැකිය: රංග දිසානායකගේ ඇත්ත හෙළුව
UnderGround ප්‍රධාන කර්තෘ