මොහොමඩ් මුනීර් “ඉබ්‍රහිම්” කෙනෙක් !
1 min read
ජනාධිපතිවරයා විසින් පසුගිය දා සිදු කරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී අලුතෙන් ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස පත් කරන ලද මොහොමඩ් මුනීර් මවුලවිවරයකු බව වාර්තා වේ. ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ මොහොමඩ් මුනීර්ව හඳුන්වා දී ඇත්තේ ද මවුලවිවරයකු වශයෙනි.

එසේම ඔහු ආගමික අන්තවාදය කුඩා මුස්ලිම් දරුවන්ට උගන්වනු ලබන පස්යාලේ පිහිටි මද්‍රසා පාසැල් හිමිකරුවාද වේ. ඔහුගේ මෙම මද්‍රසා පාසැල අන්තවාදී ඉගැන්වීම් ප්‍රවර්ධනය කිරීමේ හේතුව මත වසා දැමීමට ද පසුගිය රජයන් කටයුතු කර තිබුණි. පස්යාලේ පිහිටි මද්‍රසා පාසැලට අමතරව තවත් පාසැල් කිහිපයක් මොහොමඩ් මුනීර් මවුලවිවරයා යටතේ පාලනය වේ. මෙම මද්‍රසා පාසැල් පවත්වාගෙන යාම සඳහා ආගමික අන්තවාදය ප්‍රවර්ධනය කරනු ලබන ජාත්‍යන්තර ආයතන වෙතින් විශාල වශයෙන් මුදල් ආධාර ලැබෙන බව ආරක්ෂක අංශ සොයාගෙන තිබේ. පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරනු ලැබුවේ ද මෙම ආගමික අන්තවාදය වැළඳ ගනු ලැබූ පිරිසක් විසින් බව මේ වන විට තහවුරු වී තිබේ. එක අතකින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු අල්ලගන්නා බවට කාඩිනල්තුමන් ඇතුළු මෙරට කතෝලික ප්‍රජාවට පොරොන්දු දී තිබෙන ජනාධිපති අනුර කුමාර තවත් අතකින් ඉස්ලාම් ආගමික අන්තවාදය ප්‍රවර්ධනය කරන මද්‍රසා පාසැල් හිමිකරුවෙකු ආගමික කටයුතු හා සංස්කෘතික ඇමැතිවරයා ලෙස පත්කිරීම පරස්පර විරෝධී ක්‍රියාවක් බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යධූරය ලබා ගැනීමෙන් පසු ආගමික අන්තවාදය පතුරවන මද්‍රසා පාසැල් හා තවත් ක්‍රියාකාරකම් වර්ධනය කර ගැනීම සඳහා මැද පෙරදිග ඇතැම් රටවල මූල්‍ය ආධාර විශාල වශයෙන් ලබා ගැනීමේ අවස්ථාව මොහොමඩ් මුනීර් මවුලවිවරයාට හිමිව තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටි ඊබ්‍රහිම් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ට අවශ්‍ය මුදල් වියදම් කරන ලද තැනැත්තෙකු බව FBI පරීක්ෂණ මඟින්ද සනාථ කර ඇත. ඒ අනුව ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය තනතුරින් පිදුම් ලද මොහොමඩ් මුනීර් මවුලවි මීළඟ ඊබ්‍රහිම් ද යන පැනය කතෝලික ප්‍රජාව විසින්ම මතු කරමින් තිබේ.
දීප්ති කරුණාසේන (මාණ්ඩලික වාර්තාකරු )
UnderGround

ඇත්‍ත කතාව
පරගැති ආණ්ඩුව
ඕක දෙන්න වෙන එකෙක් හිටියෙම නැද්ද?
මුන් කරන්නෙම රටට හතුරු බලවේගවල ඕනා එපා කම්
Munta chande dunna gon heththata den ninda yanawada danne ne