March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෙරට NGO සංවිධාන දැඩි මූල්‍ය අර්බුදයක! විශාල පිරිසකට රැකියා අහිමි වන ලකුණු!

1 min read

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන (NGO) ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ. දශක කිහිපයකට පෙර මෙරට ජනතාවට සමීප වූ සංවිධානවලින් ඇරඹි මෙම ක්ෂේත්‍රය, යුද සමයේ සහ 2004 සුනාමි ව්‍යසනයෙන් පසු මෙරට තුළ දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කළද, වර්තමානය වන විට විදේශ අරමුදල් ඇනහිටීම හේතුවෙන් බරපතළ කඩා වැටීමකට ලක්ව ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “Make America Great Again” ප්‍රතිපත්තිය යටතේ USAid වැනි ආයතනවල අරමුදල් කප්පාදු කිරීම සහ එක්සත් ජනපදය ජාත්‍යන්තර සංවිධාන රැසකින් ඉවත් වීම මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත.

විදේශ අරමුදල් නතර වීමත් සමඟ මෙරට රාජ්‍ය නොවන සංවිධාන රැසක් වසා දැමීමට සිදුව ඇති අතර, එහි සේවය කළ විශාල පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇත.

සුනාමි සහ යුද සමයේදී ඩොලර් මිලියන ගණනින් මෙරටට ගලා ආ ආධාර, වර්තමානයේ ලෝක දේශපාලනික වෙනස්වීම් හමුවේ ඇනහිට තිබේ.

එක්සත් රාජධානිය සහ ජර්මනිය වැනි රටවල් ද ඇමරිකානු මග යමින් අරමුදල් කප්පාදු කිරීමට පෙළඹීම නිසා ලෝක ව්‍යාප්ත මානුෂීය මෙහෙයුම් පවා අඩපණ වීමේ තර්ජනයක් මතු වී ඇත.

ජනප්‍රිය පුවත්  බළංගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වේ!

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x