January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෙරට ධනවත්ම පුද්ගලයා ජනපතිගේ මිත්‍ර ඉෂාර නානායක්කාර බවට නැවත පත් වෙයි !

1 min read

‘ගල්ෆ් නිව්ස්’ වෙබ් අඩවිය පසුගිය දා වාර්තා කරන ලද පරිදි ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් වී තිබේ. ඒ ඇ.ඩො. බිලියන 1.6 ක වත්කමකට හිමිකම් කියන ධනවතා බවට පත්වෙමින් ය.

එම වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ගෝලීය ක්‍ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේ දී ඉෂාර නානායක්කාර මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙන බවයි. අදාළ ගල්ෆ් නිව්ස් වාර්තාවට අනුව ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස තවමත් පෙරමුණේ සිටින්නේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීශ් සභාපති සහ කළමණාකරන අධ්‍යක්ෂ මුකේෂ් අම්බානි ය.

ඒ, ඩොලර් බිලියන 118 ක ඇස්තමේන්තුගත වත්කමකට හිමිකම් කියමින් ය. ඒ අනුව ඩො.බි. 13.5 ක වත්කමකට හිමිකම් කියන පකිස්ථාන ජාතික ෂාහිඩ් ඛාන්, ඩොලර් බිලියන 12 ක වත්කම් සහිත බංග්ලාදේශයේ මොසා බින් ෂම්පර්, ඩො.බි. 1.6 ක වත්කමකට හිමිකම් කියන නේපාලයේ බිනෝද් චෞද්රි සහ ශ්‍රී ලංකාවේ ඉෂාර නානායක්කාර දකුණු ආසියාවේ ධනවතුන් අතර පෙරමුණේ සිටිති.

ධම්මික පෙරේරා අභිබවා යමින් ඉෂාර නානායක්කාරගේ මෙම ඉහළ යාම, LOLC හෝල්ඩින්ග්ස් සහ බ්‍රවුන්ස් සමූහය ජාත්‍යන්තර තලයේ දියත් කරන ලද උපායමාර්ගික මෙහෙයුම් වල ප්‍රතිඵලයක් බව ඒ පිළිබඳ විශේෂඥයෝ පෙන්වා දෙති. LOLC සමූහය ගත් කල, දැනට රටවල් 26 ක් පුරා ක්‍රියාත්මකය. සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, කාම්බෝජය, මියන්මාරය, ඉන්දුනීසියාව, පිලිපීනය, පකිස්ථානය, සැම්බියාව, සිම්බාබ්වේ, නයිජීරියාව, ටැන්සානියාව, මලාවි, ඊජිප්තුව, කෙන්යාව, ඝානාව, සියෙරා ලියොන්, රුවන්ඩාව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, තජිකිස්ථානය, කිරිගිස්ථානය, කසකස්ථානය, මාලදිවයින, මොරිෂස්, ඕස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක එහි පැවැත්ම බොහෝ දුරට විහිදී තිබේ. මූල්‍ය සේවා සමාගමක් ලෙස ආරම්භ වූ මෙය, මේ වන විට විවේකය, වැවිලි, ඉදිකිරීම්, නිෂ්පාදන, ඩිජිටල් නවෝත්පාදන, උපාය මාර්ගික ආයෝජන සහ පතල් කැනීම් ඇතුළු විවිධාංගිකරණය වූ භූමිකා රැසකට හිමිකම් කියන ආයතනයක් බවට පත්ව ඇත. එහි කළමණාකරනය සියෙරා ලියොන් හි උක් වතු දක්වා විහිදෙන අතර, මොරිෂස්, මාලදිවයින සහ ශ්‍රී ලංකාවේ විවේක දේපල මගින් පරිසරහිතකාමී ආයෝජන ඉදිරියට ගෙන යනු ලබයි.

ජනප්‍රිය පුවත්  ශ්‍රී ලංකාව දුප්පත්කමේ කරවටක් ගිලෙයි! ලෝක බැංකුව කියයි

UnderGround ආර්ථික ලියුම්කරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x