October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මෙන්න! CID ලොක්කාගේ ස්වාධීන පතිවත!

1 min read

2024 සැප්තැම්බර් 15 දා නිකුත් වූ Sunday Times පුවත්පතේ වෙබ් අඩවියේ ඉකුත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි ප්‍රධාන අපේක්ෂකයින්ගේ ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කමිටු පිළිබඳ පුවතක් වාර්තා කර ඇත. එහි පළ කොට තිබෙන ජාතික ජන බලවේගයට අදාළ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සිටින සාමාජිකයන් අතර එවකට හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරයන් ද සිටී.

අනුර දිසානායක ජනාධිපති අපේක්ෂකයා දිනවීමට ක්‍රියා කළ මැතිවරණ මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු වූ ශානි අබේසේකර CID යේ ප්‍රධානියා බවට පත් කිරීම එම ආයතනය බරපතළ දේශපාලනීකරණයට ලක් කිරීමක් මිස අන් යමක් නොවේ.

සියලු ආයතන ස්වාධීන කරන බවට පොරොන්දු දී බලයට හා ජාතික ජන බලවේගය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ දේශපාලන ගොට්ටෙකු යටතට පත් කිරීම බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව මැදිහත් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

මෙමගින්, ශානි අබේසේකරගේ ස්වාධීන පතිවත ද බරපතල ලෙස කෙලෙසීමට ලක්ව ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x