January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මුජිබර් පස්සේ කණ්ඩායමක්!

1 min read

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගේ සහෝදරියගේ ගල්කිස්සේ නිවසට ඉකුත් 12 වැනිදා සිකුරාදා පැමිණ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියා ගත් කණ්ඩායමක් මන්ත්‍රීවරයා පිළිබඳව දීර්ඝව විමසීම් කර ඇතැයි වාර්තාවේ.

මේ පිළිබඳව රහුමාන් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාට පැමිණිලි කර ඇත.

මන්ත්‍රීවරයාගේ සහෝදරියගේ නිවසට අා එම කණ්ඩායම සිම් කාඩ් පතක් නැති වීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පැමිණිල්ලක් කර ඇති හෙයින් ඒ ගැන විමසීමට පැමිණි බව ප්‍රකාශ කර ඇත. තමා කිසිවිටෙකත් එවැනි පැමිණිල්ලක් කර නොමැති බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.

මීට ප්‍රථම තමා නිවසේ නොමැති අවස්ථාවක මෙවැනිම කණ්ඩායමක් කොලොන්නාවේ නිවසට පැමිණ තමා පිළිබඳව බිරිඳගෙන් කරුණු විමසා තිබූ බව පැවසූ මන්ත්‍රීවරයා ඊට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගත් කණ්ඩායමක් බිරිඳගේ බොරැල්ලේ මහ ගෙදරටද පැමිණ තමා පිළිබඳව විමසා තිබූ බව සඳහන් කළේය.

මෙය තමා අනියම් ආකාරයෙන් බිය වැද්දීමේ අරමුණින් කරන ලද ක්‍රියාවක් හැටියට සැක කරන බවත් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අද දිනයේ පැමිණිල්ලක් කරන බවත් මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

ජනප්‍රිය පුවත්  රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි!

මෙවැනි නිවට ක්‍රියා වලින් තමා බියවැද්දය නොහැකි බවද ඔහු කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x