March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මිලින්ද මොරගොඩ ජනාධිපතිවරණයට!

1 min read

පාත් ෆයින්ඩර් නැමැති විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානී, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා ඔහු, කොළඹ ඉහළ සමාජය නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. විපක්ෂයේ දේශපාලඥයන් වන චම්පික රණවක, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, මනෝ ගනේෂන් ආදී දේශපාලඥයන් රැසක් මුණ ගැසී ඔහු මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ. තමන්ට ඇමෙරිකාවෙන් ද, ඉන්දියාවෙන් ද, චීනයෙන් ද ආධාර ලබාගත හැකි බැවින් 3% ක ඡන්ද ප්‍රතිශතයක සිටි ජ.වි.පෙ. පසුගිය ජනාධිපතිවරණය ජයගත්තා සේ තමන්ට ද ඉතිරි ජනාධිපතිවරණය ජය ගත හැකි බව ඔහු තමන් හමු වූ විපක්ෂයේ දේශපාලනඥයන් වෙත පවසා තිබේ.

මේ අතර, මිලින්ද මොරගොඩ විවිධ නිකායන්ට අයත් ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා බැහැ දැකීමට ගොස් ඔවුන් සමඟ ද සමීප වීමට උත්සාහ දරන බව ද වාර්තා වී තිබේ.

සුබෝධා සමරජීව

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

ජනප්‍රිය පුවත්  underground කිව්වා හරි !නිලුපුලීටත් ප‍්‍රමෝෂන්!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x