October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මිලින්ද මොරගොඩව ගෙන එන්න චම්පික, දයාසිරි, ශ්‍රීලනිපය සැරසෙති!

1 min read

දැනට සතිපතා කොළඹ පිහිටි ජී.එල්. පීරිස් මහාචාර්යවරයාගේ නිවසේ පැවැත්වෙන විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් වල හිටපු මන්ත්‍රීවරුන්ගේ සහ සිටින මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවල අවසන් ඉලක්කය වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයට විපක්ෂයේ ‘‘පොදු අපේක්ෂකයා ලෙස මිලින්ද මොරගොඩ මහතා ගෙන ඒම බව එම අභ්‍යන්තර සාකච්ඡාවන්ට සහභාගී වූ මන්ත්‍රීවරයකු පවසා තිබේ. 3% මට්ටමක පැවති ඡන්ද ප්‍රතිශතයන් 66% ඉක්මවන මට්ටමට ගෙන ඒමට ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙහෙයවීමෙන් ජවිපෙට හැකිවූයේ නම්, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, චීනය ඇතුළු ලෝක බලවත් රටවල් සියල්ලම සමඟ යහපත් සම්බන්ධයක් පවත්වාගෙන යන තමන්ට එය ඉතා පහසුවෙන් සිදුකළ හැකිය යන මතය මිලින්ද මොරගොඩ මහතා තුළ ඇතැයි දැන ගැනීමට තිබේ.

දැනට අනාවරණය කිරීමෙන් වැළකී අවසාන මාස කිහිපය තුළ මිලින්ද වටා ජනමතය ඒකරාශී කළ යුතු බවත්, එතෙක් දයාසිරි, චම්පික හා අනෙක් පක්ෂ නායකයන් කිසියම් බහුජන සංවිධානයක් ගොඩනගා එහි සිවිල් හා මතවාදී බලපෑම ව්‍යාප්ත කළ යුතු බවත් සැළැස්ම වී තිබේ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වය දුර්වල වීම හා නාමල් රාජපක්ෂ වටා ප්‍රබල ජන ආකර්ශනයක් ඇති නොවීම හේතු කොටගෙන ‘‘චන්ද්‍රිකා“ පැමිණි අයුරින් ‘‘මිලින්දව“ රැගෙන ආ හැකි බව මෙම කණ්ඩායමේ විශ්වාසය වී ඇත.

කෙසේ වෙතත්, මේ ගැන ඉව වැටී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාට සජිත් ප්‍රේමදාස  විපක්ෂනායකවරයා ඍජුව අවවාද කර ඇත්තේ එකී සාකච්ඡාවලට සහභාගීවීමෙන් වළකින ලෙසයි. පොහොට්ටුවේ කිසිවෙකුත් මීට සහභාගී වී නැති බවද පැවසේ.

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x