October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මිලින්ද මොරගොඩගේ “ෆාත් ෆයින්ඩර්” අළුත් වෙස් නැටුම අරඹයි !

1 min read

පසුගිය අගෝස්තු 01 වැනිදා නිකුත් කෙරුණු “දේශය” පුවත්පත විශේෂ වාර්තාවකින් පෙන්වා දී තිබුණේ ෆාත්ෆයින්ඩර් නාමධාරී විශිෂ්ඨයන් තිදෙනෙකු එම පදනමට එකතු වූ බවට වන පුවතකි. එහි පලකොට තිබූ තිබූ ඡායාරූප 3 අයත් වූයේ ගෝඨාභය පාලන සමයේ විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා වූ අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ, මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් ආචාර්ය ආර්.එස්.එස්. සමරතුංග හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයට පත් වූ හා පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයකුට අමතරව ජේ‍ය්ෂ්ඨ තනතුරු ගණනාවක් හෙබවූ දේශමාන්‍ය ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යනාදින්ට ය.

ෆාත් ෆයින්ඩර් සාමාජිකයන් පිරිසක් සමගින් එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ

අදාල වාර්තාවට අනුව පැවසෙන්නේ, “නාමධාරී විශිෂ්ඨ පුද්ගලයින් තිදෙනෙකු සිය පදනමේ ඉදිරි සැලසුම් සඳහා සම්බන්ධ කරගැනීමට තීරණය කර ඇති බවයි. ජයනාත් කොළඹගේ “ෆාත් ෆයින්ඩර්” සමග එක්වන්නේ “නැවතත්” යනුවෙන් පෙන්වා දෙන එම වාර්තාව, ඉතිරි දෙදෙනාට අදාළව එසේ පෙන්වා දී නැත.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන්ගේ තොරතුරු ෆාත් ෆයින්ඩර් නිල වෙබ් අඩවියේ පල කර ඇති අයුරු

“ෆාත් ෆයින්ඩර්” යනු, ඉන්දීය හා බටහිර උවමනාවන්ට අනුව භූ දේශපාලනික තීරණ කරා ශ්‍රී ලංකාව පොළඹවන ඉතා සූක්ෂමව කටයුතු කරන ආයතනයකි. එහි ප්‍රධානියා වන්නේ මිලින්ද මොරගොඩ ය. පසුගියදා, හිටපු විදේශ ඇමැති ජී.ඇල්. පීරිස් මහතාගේ නිවසේ දී හිටපු සහ සිටින විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් එක් කර විවිධ සාකච්ඡා පවත්වා ඇත්තේද මිලින්ද මොරගොඩගේ මගින් ජී.ඇල්. පීරිස්ට ලබා දුන් උපදෙස් අනුව බව වාර්තා වී තිබේ. මෙම සාකච්ඡා මගින්, අවසානයේ අපේක්ෂා කරන ඉලක්කය කුමක්දැයි පැහැදිලි වී නැතත්, අදාළ මන්ත්‍රීවරු තමන්ට අනුගත මාර්ගයක දක්කාගෙන යාම එහි දැනට පෙනෙන අරමුණ බව ඊට සහභාගී වූ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම වෙනත් අය සමග පවසා තිබේ.

ෆාත් ෆයින්ඩර් නිර්මාතෘ මිලින්ද මොරගොඩ සහ ඇමෙරිකානු තානාපතිනි ජූලියා චංග්

විපක්ෂයේ ඇති වී තිබෙන නායකත්ව අර්බුදය, තමන්ට වාසිදායක තෝරාගැනීමක් කරා රැගෙන යාමට යොදා ගැනීම “ෆාත් ෆයින්ඩර්” අරමුණ වී තිබෙන බව එහි අභ්‍යන්තරා ආරංචි මාර්ග පෙන්වා දේ. ජයනාත් කොළඹගේලා ද, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිලා ද ගෝඨාභයගේ පාලනයේ ඉහළ පුටු හොබවමින් ක්‍රියා කරන ලද්දේ කාගේ උවමනාවන්ට අනුවද යන්න වටහා ගැනීම මේ අනුව පැහැදිළි විය යුතුය. හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර ද ඊට පෙර, “ෆාත් ෆයින්ඩර්” අභ්‍යන්තර සාමාජිකයෙකි. හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ද මීට අයත්ය. විශාල වැටුප් හා වරප්‍රසාද ලබාදෙමින් මේ පිරිස නඩත්තු කරන මිලින්ද මොරගොඩ ඒ අය හරහා රජයේ සියළු කටයුතු පිළිබඳ සියුම් නිරීක්ෂණයක නිරත වන අතර, තම හාම්පුතාලාගේ උවමනාවට අනුව රජය මෙහෙය වීමට ද ඔහු ඒ මගින් පියවර ගනු ලබයි. ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව ගොදුරු වූ මුල් කාලයේදී, ශ්‍රී ලංකාවට ඉතා අහිතකර වූ තීරණ රැසකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවයාව පෙළඹවීමට ක්‍රියා කළ ප්‍රධාන චරිතයක් වූයේ ද මිලින්ද මොරගොඩ හා ඔහුගේ “ෆාත් ෆයින්ඩර්” කල්ලියයි.

සුනිල් වීරමන්
(ගවේෂණ වාර්තාකරු )

UnderGround

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x