March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මැද පන්තිය පොහොසත් වෙලා.. දැන් නාඩු වෙනුවට කන්නේ කීරි සම්බා! වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ

1 min read

රටේ සම්බා සහ කීරි සම්බා පරිභෝජනය කරන්නේ ජනතාවගෙන් 15%ක් පමණක් බවත් ඉතිරි 85% රතු සහ සුදු නාඩු පරිභෝජනය කරන බවද වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.


එහෙත් ඉහළ ආදායම් ලබන මැද පන්තියේ වර්ධනයත් සමග කීරි සම්බා සඳහා ඉල්ලුම ඉහළ යමින් ඇතැයිද ජනතාව සිය ආදායම් ඉහළ යෑමත් සමග සිය පරිභෝජන රටාව වෙනස් කරමින් කීරි සම්බා වෙත මාරු වෙමින් ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.


මෙයට විසඳුම් ලෙස මෙවර මහ කන්නයේ පමණක් හෙක්ටයාර් 80 000කට වඩා කීරි සම්බා වගා කර ඇති බවත් ඇමති සමරසිංහ අනාවරණය කරයි.


එහෙත් 2025 යල සහ මහ යන කන්න දෙකේම කීරි සම්බ හෙක්ටයාර් 70 000ක් පමණක් වගාකර සහල් නිෂ්පාදනය කළේ 6%ක් පමණක් බවද හෙතෙම පෙන්වා දෙයි.


සිරස පැතිකඩ දේශපාලන වැඩසටහනට එකතු වෙමින් ඇමති වසන්ත සමරසිංහ මේ බව කීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x