මැදපෙරදිග ගුවන් කලාපය වසා දැමීමේ බලපෑම – ශ්රී ලංකා සංචාරක කර්මාන්තයට ඩොලර් මිලියන 15ක පාඩුවක්?
1 min read
මැදපෙරදිග ගුවන් කලාපය වසා දැමීමේ බලපෑම – ශ්රී ලංකා සංචාරක කර්මාන්තයට ඩොලර් මිලියන 15ක පාඩුවක්?
මැදපෙරදිග කලාපයේ උත්සන්න වන යුද තත්ත්වය හේතුවෙන් එම ගුවන් කලාපය සතියක කාලයක් වසා දැමුවහොත්, ශ්රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 15ක පමණ සංචාරක ආදායමක් අහිමි විය හැකි බව වාර්තා වේ.
සංචාරක අංශයේ නිලධාරීන් පෙන්වා දෙන්නේ, ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 30%ක් මැදපෙරදිග Transit හරහා පැමිණෙන බවයි. එසේම Qatar Airways, Emirates, Flydubai, Etihad Airways වැනි මැදපෙරදිග ගුවන් සමාගම් හරහා යුරෝපය සහ බටහිර රටවල සංචාරකයන් විශාල පිරිසක් ශ්රී ලංකාවට පැමිණේ.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්රහාරයන්ට පසු කලාපයේ ආරක්ෂක තත්ත්වය අනුව ගුවන් ගමන් සීමා වීම ශ්රී ලංකා සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.
තවද ගැටුම් හේතුවෙන් තම මව් රටවලට ආපසු යාමට නොහැකිව සංචාරකයන් 10,000කට අධික පිරිසක් මේ වනවිට ශ්රී ලංකාවේ රැඳී සිටි.
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
