October 7, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමා මන්ත්‍රී සිංහරාජයට වැඩේ දෙයි!

1 min read

සිංහරාජ වන රක්ෂිතයට අයත් උප කඳුකර වැසි වනාන්නර වැස්මක් සහිත අධි සංවේදී වනාන්තර පද්ධතියක් මුළුමනින්ම හෙළි පෙහෙලි කරමින් ඉළුඕකන්ද සිට සූරියකන්ද දක්වා කි.මී. 8ක් පමණ දිග මාර්ගයක් අළුතෙන් ඉදිකිරීමට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න හා කලවාන ප්‍රදේශිය සභා මන්ත්‍රී ජනක සේනාරත්න මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම් නාමල් ප්‍රේමරත්න එක්ව නීති විරෝධී සැළැසුමක් සකස් කර ඇති බව පරිසරවේදී සජීව චාමිකර ආනාවරණය කර තිබේ.

මෙම සැළස්මට අනුව, මේ වන විට කලවාන ප්‍රාදේශිය සභාවේ හා කලවාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ තාක්ෂණික නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් එක්ව මාර්ගය සකස් කිරීමට සැළසුම්කර ඇති ප්‍රදේශය මැණිම් කර ඇස්තමේන්තු ද සකස් කර අවසන් බව ද වාර්තා වේ. ඒ සඳහා රුපියල් ලක්ෂ 220ක මුදලක් වෙන් කර ගැනීමට ද මේ වන විට කටයුතු සකස් කර තිබේ.

පරිසරවේදී සජීව චාමිකර මහතා අනාවරණය කර ඇති පිරිදි, මෙම නීති විරෝධී මාර්ග සැළසුම සකස් කිරීමට සිංහරාජ අඩවියේ කුඩුව ගගේ ඉවුරු ගොඩකර හෝටලයක් ඉදි කරන කලවාන ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ දූෂිත සංවර්ධන නිලධාරියකු වන ජනක දසනායකව ද සම්බන්ධ කරගෙන තිබේ.

එමෙන්ම, මෙකී සැළැස්ම සඳහා අනුමැතිය 2025 අගොස්තු මස 28 වන දින කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටුවෙදී ලබාගෙන ඇත.  එම අනුමැතිය මත පදනම්ව මාර්ගය සකස් කිරීමට යෝජිත සිංහරාජ වන රක්ෂිතයේ වනාන්තර එළි කිරීම නීති විරෝධීව මේ වන විට ආරම්භ කර තිබේ. නාමල් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පොතුපිටිය ප්‍රදේශවාසීන්ට පොරොන්දු වී ඇත්තේ, මෙම මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව උප කඳුකර වනාන්තරයේ යටි ස්ථරයේ එනසාල් වගා කිරීම සඳහා ප්‍රදේශවාසීන්ට ඉඩම් බෙදා දෙනු ලබන බවය. මේ පිළිබඳව පරිසරවේදී සජීව චාමිකර අවධාරණය කර ඇත්තේ, ඉමහත් ලෝක උරුමයකට හිමිකම් කියන මෙම අධිසංවේදී පරිසර පද්ධතිය වනසා දැමීමට එරෙහිව නොපමාව පියවර ගත යුතු බවය.

පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිංහරාජය ආශ්‍රිත ප්‍රදේශයක මර්ගයක් ඉදිකිරීම පදනම් කරගෙන දැවැන්ත පරිසර ප්‍රේමී අදෝනාවක් නගන ලද සියල්ලෝම මේ පරිසර සංහාරය හමුවේ මුනිවත රකිනු ලබයි. එකළ ‘සිරස“ රූපවාහිනී නාලිකාව ද මෙම පරිසර ප්‍රේමී විලාපය රෑ දවල් නොබලා නගන ලද මුත්, මේ අවස්ථාවේදී මුනිවත රැකීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති කාරණයක්ව තිබේ.

විජිත බානගල  underground වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x