November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමා මන්ත්‍රීගේ පුතා පහරදීලා පොහොට්ටු මන්ත්‍රීගේ පුතා රෝහලේ

1 min read

පාසල් සිසුවකුට පහර දීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ මාතර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ පුත්‍රයා ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අද (10) නියෝග කලේය.

එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ මාතර කැකණදුර පදිංචි උසස් පෙල ඉගෙනුම ලබන අවුරුදු 17 හා 18 වයසේ පසුවන සිසුන් දෙදෙනෙකි.

ඔවුන්ගෙන් 17 හැවිරිදි වයසේ පසුවන සිසුවා පරිවාස භාරයේ තබන ලෙසට ද නියෝග කෙරිණි. උසස් පෙළ පන්ති අවසන් කොට මාතර දුම්රිය පොල ඉදිරිපිටට එන අතරතුර දී මෙම පහරදීම සිදු කර තිබෙන බවත් පහරකෑමට ලක් වු සිසුවා ගාල්ල කරාපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එසේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකි.

කෙසේ වෙතත් මෙම පහරදීම සිදු කරන අයුරු සීසීටීවී කැමරා පද්ධතියක ද පටිගත වී තිබේ. මාතර පොලීසියේ උසස් නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

Underground මාතර ප්‍රාෙද්ශිය වාර්තාකරු

ජනප්‍රිය පුවත්  වටගල - නලින්ද ගැටුම එලිපිට !

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x