March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවේ “සිස්ටම් චේන්ජ්” එක “හයිවේ මාෆියාවට” යටවුණු හැටි

1 min read

“කන හැටි ලිපේ දාන විටම දැනේ” යැයි පැරණි කියමනක් තිබේ. ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන පළමු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය වන රුපියල් බිලියන 90ක මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ (CEP-3) ටෙන්ඩර් නාටකය දෙස බලන විට පෙනී යන්නේ, ආණ්ඩුවේ “හොරු ඇල්ලීමේ” සටන් පාඨය දැන් “හොරු සමඟ දීග කෑමේ” ප්‍රතිපත්තියක් දක්වා මාරු වී ඇති බවයි.

ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) විසින් දින ගණනාවක සිට අනතුරු ඇඟවූ “ටෙන්ඩර් මගඩිය” අද (පෙබරවාරි 05) නිල වශයෙන්ම තහවුරු විය. ඒ, අදාළ ටෙන්ඩර් පත්‍රිකා විවෘත කිරීමත් සමඟ එළියට පැන්න “ගණිතමය විහිළුව” හේතුවෙනි.

තරඟයක්ද? බෙදා ගැනීමක්ද?

මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කොටස ඉදි කිරීම සඳහා පැකේජ (Packages) 07ක් (2A සිට 2G දක්වා) වෙන් කර තිබුණි. ඕනෑම තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක මූලික සිද්ධාන්තය වන්නේ ඉල්ලුමට වඩා සැපයුම වැඩි විය යුතු බවයි. එනම් පැකේජ 7ක් තිබේ නම් ඊට තරඟ කිරීමට ඊට වැඩි සමාගම් සංඛ්‍යාවක් සිටිය යුතුය.

නමුත් අද හෙළි වූ ලේඛනවලට අනුව , මෙම පැකේජ 7 සඳහා ඉදිරිපත් වී ඇත්තේ සමාගම් 06ක් පමණි. සරලව කිවහොත්, එක් සමාගමකට එක් කොටසක් බැගින් බෙදා දුන්නද, අවසානයේ තවත් කොටසක් ඉතිරි වේ. මෙය ලංකා ඉතිහාසයේ එළිපිටම සිදුවූ අශීලාචාරම “වෙළඳපොළ බෙදාගැනීම” (Market Allocation) ලෙස හැඳින්විය හැක.

ජනප්‍රිය පුවත්  මාලිමාවට බලය හිමි පඬුවස්නුවර ප්‍රා. සභාවේ අයවැයත් ඡන්ද 4කින් පරාදයි !

ටෙන්ඩර් පත්‍රිකාවේ සැඟවුණු “ගේම්” එක

අදාල ලංසුකරුවන්ගේ ලැයිස්තුව (Table of Bidders) පරීක්ෂා කිරීමේදී මෙම නාටකයේ තිර රචනය පැහැදිලි වේ:

රාජපක්ෂ කඳවුරේ පැරණි මිතුරන්: මෙහි සිටින්නේ Maga, Access, ICC, KDAW, Nem සහ Tudawe වැනි පසුගිය රජයන් සමයේ මහා මාර්ග ඒකාධිකාරිය හෙබවූ දැවැන්තයින්ම පමණි. අලුත් ක්‍රමයක් (System Change) ගැන කතා කළ ආණ්ඩුව, පරණ කොන්ත්‍රාත්කරුවන්ගේම ප්‍රාණ ඇපකරුවන් වී ඇත.


ද්විත්ව රංගනය (Double Acting): මෙහි ඇති අපූරුම උපක්‍රමය නම් ‘Edward and Christie (E&C)’ සමාගමයි. ඔවුන් ඇතැම් කොටස් සඳහා තනි සමාගමක් ලෙසත්, තවත් කොටස් සඳහා ‘JV’ (හවුල් ව්‍යාපාරයක්) ලෙසත් ඉදිරිපත් වී තිබේ. මෙය සමාගම් ගණන වැඩි කර පෙන්වීමටත්, තරඟයක් ඇති බව මවා පෑීමටත් යෙදූ උපායක් බව බැලූ බැල්මට පෙනේ.


අනෝන්‍ය අවබෝධය: Maga සහ Access වැනි සමාගම් සියලුම පැකේජ සඳහා මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ (Yes), අනෙක් සමාගම්වලට අවශ්‍ය පැකේජය ලබා ගැනීමට අවශ්‍ය මිල ගැලපීම (Price Fixing) සිදු කර දීමට බවට සැක කෙරේ.

බිමල් රත්නායකට වැරදුනාද?

ජනප්‍රිය පුවත්  මෙහේ අත්සන් කරන්න තිබුණ ගිවිසුම එහේ අත්සන් කරති!

විෂය භාර අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක මහතා මෙම මාෆියාවට එරෙහිව පියවර ගනු ඇතැයි ජනතාව විශ්වාස කළහ. නමුත් “අත්දැකීම් නැති අයට වැඩ දෙන්න බැහැ” යන නිලධාරීන්ගේ පරණ තැටියම වාදනය කරමින්, අමාත්‍යවරයාද මෙම උගුලට හසු වී ඇති බව පෙනේ. පිටස්තර සමාගම්වලට හෝ නවකයන්ට අවස්ථාවක් නොදී, බැංකු ඇපකර (Bid Securities) සම්බන්ධ අලුත් නීති දමමින්, මේ සූදානම් වන්නේ මහජන මුදල් බිලියන 90ක් තමන්ට හිතවත් සමාගම් 6ක සාක්කුවට දීමටද?

නිගමනය

පැකේජ 7කට ලංසුකරුවන් 6ක් ඉදිරිපත් වීම යනු එය ටෙන්ඩරයක් නොව “බූරුවා ගැසීමකි”. මෙහිදී සිදුවන්නේ තරඟකාරී මිලක් ලැබීම නොව, සමාගම් විසින් තීරණය කරන ඕනෑම ඉහළ මිලකට කොන්ත්‍රාත්තුව ලබා දීමට රජයට සිදුවීමයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ප්‍රසම්පාදන විකෘතිය වහාම නතර නොකළහොත්, “දූෂිත රාජපක්ෂ පාලනය” යැයි කියමින් එළවා දැමූ ක්‍රමයම, මාලිමා ලාංඡනය යටතේ ඊටත් වඩා භයානක ලෙස ක්‍රියාත්මක වන බව පිළිගැනීමට සිදුවනු ඇත.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x