මාලිමාවේ වැසිකිළියෙන් දමන ප්‍රාදේශීය සභාව ඇවිළෙයි…!
1 min read
හිඟුරාණ නගරයේ රුපියල් මිලියන 11ක වියදමින් ස්මාර්ට් වැසිකිළියක් ඉදිකිරීමට ගත් තීරණය හේතුවෙන් දමන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පසුගියදා උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තා වෙයි.
වැඩි දුරටත් වාර්තා වන ආකාරයට මෙම ව්‍යාපෘතියේ පිරිවැය සහ කාලෝචිත භාවය පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර දැඩි වාදවිවාද හට ගෙන තිබේ.
රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ වැසිකිළියක් සඳහා රුපියල් මිලියන 11ක අධික මුදලක් වැය කිරීම අපරාධයක් බව විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත.
දමන ප්‍රදේශයට මෙවැනි මිල අධික ස්මාර්ට් පහසුකම් මේ මොහොතේ අවශ්‍ය නොවන බව ඔවුන්ගේ තර්කය වී තිබේ.
මෙතරම් විශාල මුදලක් වැය කරන්නේ නම්, එම මුදලින් අම්පාර නගරයට අත්‍යවශ්‍යව පවතින බස් නැවතුම්පොළ ඉදිකිරීමට හැකි බව ද ඔවුන් අවධාරණය කර ඇත.
