January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහින්ද සමරසිංහ විදේශ ඇමැති පුටුවට ?

1 min read

ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වෙළඳ සහ අනෙකුත් සබදතා තරමක් දුර්වල වී ඇති තත්ත්වයක් තුළ අමෙරිකා එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලංකා නියෝජිත මහින්ද සමරසිංහ මහතා, නැවත ශ්‍රී ලංකාව වෙත කැඳවා පාර්ලිමේන්තුව තුළට ගැනීමේ සූදානමක් පිළිබඳව අසල්වැසි ඉන්දියානු ඔත්තු සේවා මගින් තොරතුරු විමසීමට පටන්ගෙන තිබේ.

ඉදිරි කෙටි කාලය තුළ මහින්ද සමරසිංහ මහතාගේ වසර 3ක රාජකාරී කාලය නිමා වීමට නියමිතය. ඔහුව මෙම පත්වීමට නම් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ය. එකළ දේශපාලන වශයෙන් පත්කරන ලද විදෙස් දූත සේවා ප්‍රධානීන් සියල්ලන්වම නැවත ශ්‍රී ලංකාවට කැඳවුවද මහින්ද සමරසිංහ මහතා යළි කැඳවීමට AKD ආණ්ඩුව ක්‍රියා ක‌ළේ නැත. නමුත් වසර 3ක රාජකාරී කාලය නිම වීමෙන් පසුව ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව‌ට කට කතා පැතිරෙන බැවින්, ඔහුව විදේශ ඇමතිධුරයට පත්කිරීමේ අදහසින් පාර්ලිමේන්තුවට ගැනීමේ සූදානමක් වේදැයි විදේශ කටයුතු නිලධාරීන් අතර විමසිල්ලට භාජනය වී ඇතැයි වාර්තා වේ. නමුත්, දේශපාලන අංශ තුළින් මේ පිළිබඳව සිදුකරන ලද අභ්‍යන්තර විමර්ශන මගින් පෙනී ගියේ, එවැන්නක් සිදුවීමට ඇති හැකියාව ඉතා අඩු බවය.

ජනප්‍රිය පුවත්  මහේන්ද්‍රන් අල්ලා නැත! ඒකත් ටොන් පචයක්!

විදේශ අමාත්‍යාංශයේ කටයුතු ඉතා තද බල ලෙස අකර්මන්‍යව පවතින තත්ත්වයක් යටතේ ඊට අදාළ වෙනත් බලවත් තනතුරක් මහින්ද සමරසිංහ මහතාට පිරිනමන්නට තිබෙන අවස්ථාව බැහැර කළ නොහැකි බවද ඇතැම් දේශපාලන අංශවල මතය වී තිබේ. මේ පිළිබඳව  UnderGround තවදුරටත් විමසිලිමත්ව කටයුතු කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x